10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.
අභිනව කථානායක ධූරය සඳහා අශෝක රංවල මහතාගේ නම අගමැති හරිනි අමරසූරිය මෙනවිය විසින් යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබිණි.
ආචාර්ය අශෝක රංවල මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ කළ අතර එහිදී ඒ මහතා මනාප 109,332 ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ 6 වන ස්ථානයට පත්විය.
මේ අතර නියෝජ්‍ය කථානායකධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලී මහතා තේරී පත්විය. ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට දැනුම් දුන්නේය.
ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලී මහතා යෝජනා කරනු ලැබීය.
එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසිනි.