Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඩොලර් මිලියන 333 ක ණය මුදල දෙසැම්බරයේ ලංකාවට
Sri Lankan news

ඩොලර් මිලියන 333 ක ණය මුදල දෙසැම්බරයේ ලංකාවට

kumudikaBy kumudikaNovember 25, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල විසින් එක­ඟ වූ එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 03ක විස්තීර්ණ ණය පහ­සු­කමේ තුන්වැනි වාරි­කය ලෙස ඩොලර් මිලි­යන 333ක මුද­ලක් ලබන මාස­යේදී මෙර­ටට ලැබෙනු ඇත.

වසර 2023 මාර්තු 20 වැනි දින IMF විසින් ඩොලර් බිලි­යන 03ක ණය පහ­සු­ක­මක් අනු­මත කරන ලැබූ බවත්, ඉන් වාරික 02ක් මේ වන­විට මෙර­ටට ලබා දී ඇති බව ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා කීය. පීටර් බෲවර් මහතා මේ බව කියා සිටියේ ඉකුත් 23 වැනිදා කොළඹ ශ්‍රී ලංකා මහ බැංකු මූල­ස්ථා­නයේ පැවති විශේෂ මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි. ඔහු සමඟ මේ මාධ්‍ය හමු­වට එහි නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කට්සි­ය­රිනා ස්වර්ය­ඩ්සෙන්කා මහ­ත්මි­යද එක්ව සිටි­යාය.

“වසර හත­රක විස්තීර්ණ ණය පහ­සු­කම යටතේ වන තෙවන සමා­ලෝ­ච­නයේ දී ජා.මූ. අර­මු­ද­ලෙහි කණ්ඩා­යම ශ්‍රී ලංකා බල­ධා­රීන් සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එක­ඟ­තා­ව­කට එළැ­ඹුණු බව අපි සතු­ටින් දැනුම් දෙන්නෙමු.

මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එක­ඟ­තාව සඳහා ඉදිරි කාල­සී­මාව තුළ ජා.මූ. අර­මු­ද­ලෙහි කළ­ම­නා­කා­රි­ත්වය සහ එහි විධා­යක මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමි වනු ඇත. විධා­යක මණ්ඩ­ලයේ සමා­ලෝ­ච­නය සම්පූර්ණ කිරී­මෙන් පසු, ශ්‍රී ලංකා­වට විශේෂ ගැනුම් හිමි­කම් (වි.ගැ.හි.) මිලි­යන 254ක් (එ.ජ.ඩොලර් මිලි­යන 333ක් පමණ) සඳහා ප්‍රවේ­ශය ලැබෙනු ඇති අතර, ඒ අනුව මෙම පහ­සු­කම යටතේ ජා.මූ.අර­මු­දල විසින් ශ්‍රී ලංකා­වට මේ දක්වා ලබා දුන් සමස්ත අර­මු­දල් ප්‍රමා­ණය වි.ගැ.හි.මිලි­යන 1,016ක් (එ.ජ.ඩොලර් මිලි­යන 1,333ක් පමණ) වනු ඇත.

විස්තීර්ණ ණය පහ­සු­කම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ඉහළ අපේක්ෂා සහිත ප්‍රති­සං­ස්ක­රණ න්‍යාය පත්‍රය ප්‍රශං­ස­නීය ප්‍රති­ඵල ලබා දෙමින් පව­තියි.

මහ බැංකුව විසින් සිදු කරන ලද සැල­කිය යුතු ලෙස ඉහළ විදේශ විනි­මය මිලදී ගැනීම් සමඟ 2024 ඔක්තෝ­බර් මාසය අව­සා­නයේ දළ නිල සංචිත එ.ජ.ඩොලර් බිලි­යන 6.4ක් දක්වා වැඩි විය. සැල­කිය යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලින් පසු රාජ්‍ය මූල්‍ය ශක්ති­මත් වී ඇත.

සමාජ විය­දම් පිළි­බඳ දර්ශක ඉල­ක්කය හැර 2024 ජූනි මස අව­සා­න­යට මෙන්ම සැප්තැ­ම්බර් මස අව­සා­න­යට අදාළ සියලු ප්‍රමා­ණා­ත්මක කාර්ය­සා­ධන නිර්ණා­යක සහ දර්ශක ඉලක්ක සපුරා ගැනී­මත් සමඟ වැඩ­ස­ට­හන් කාර්ය­සා­ධ­නය ශක්ති­මත් විය. 2024 ඔක්තෝ­බර් මස අව­සා­න­යට පෙර සිදු කිරී­මට නිය­මි­තව පැවති බොහෝ ව්‍යුහා­ත්මක මිනුම් දඬු නිසි කලට සම්පූර්ණ කර හෝ ප්‍රමා­ද­යක් සහි­තව ක්‍රියා­ත්මක කර ඇත. මැති­ව­රණ ක්‍රියා­ව­ලිය හේතු­වෙන් ඇතැම් මිනුම් දඬු සපුරා ගැනීම ප්‍රමාද විය. වැඩ­ස­ට­හනේ අර­මු­ණු­ව­ලට නව රජයේ ඇති කැප­වීම, අවි­නි­ශ්චි­ත­තාව අඩු කර ඇති අතර ප්‍රති­පත්ති අඛ­ණ්ඩ­තාව සහ­තික කරයි. වැඩ­ස­ට­හන තුළින් ලබා­ගත් දුෂ්කර ජය­ග්‍ර­හණ ආරක්ෂා කර ගැනී­මට සහ ආර්ථි­කය කල් පවත්නා ලෙස යථා තත්ත්ව­යට පත්වී­මක් හා ස්ථාවර මෙන්ම සැමට ප්‍රති­ලාභ සැල­සෙන වර්ධන මාව­තක් කරා ගෙන­ඒම සඳහා ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය අඛ­ණ්ඩව තිර­ස­රව පවත්වා ගැනීම ඉතා වැද­ගත් වේ. අර්බු­දය ශ්‍රී ලංකාවේ සමස්ත ජන­ග­හ­න­ය­ටම බලපෑ බැවින්, ආර්ථික වර්ධ­නයේ ප්‍රති­ලාභ නිසි ලෙස බෙදා හැරීම, සහ­තික කිරීම වැද­ගත් වනු ඇතැයි බෲවර් මහතා කීය.

සාර්ව ආර්ථික ස්ථාව­ර­ත්වය පවත්වා ගැනීම සහ ණය තිර­ස­ර­භා­වය නැවත ළඟා­කර ගැනීම ශ්‍රී ලංකාවේ සමෘ­ද්ධිය සුර­ක්ෂිත කිරීම සඳහා ප්‍රධාන වන අතර, වග­කී­ම්ස­හ­ගත රාජ්‍ය මූල්‍ය ප්‍රති­ප­ත්ති­යක් ක්‍රියා­ත්මක කිරීම අවශ්‍ය වේ.

වැඩ­ස­ට­හන් ප්‍රමි­තීන්ට අනු­කූ­ලව 2025 වසරේ අය වැය සකස් කිරීම සඳහා අඛණ්ඩ රාජ්‍ය ආදා­යම් ඒක­රාශී කිරීමේ උත්සා­හ­යන් සහ විය­දම් සීමා කිරීම අවශ්‍ය වේ. ආදා­යම් පරි­පා­ලන ප්‍රති­සං­ස්ක­රණ සහ බදු අනු­කූ­ල­තාව වැඩි­දි­යුණු කිරීමේ උත්සා­හ­යන් අර්බු­ද­යෙන් ඇති­වන අප­හ­සුතා බදු ගෙව­න්නන්ගේ එයට දායක වීමේ හැකි­යා­වට සමා­නු­පා­ති­කව බෙදා හැරීම සහ­තික කිරී­මට උප­කාරී වේ. නව බදු නිදහස් කිරීම් වළක්වා ගැනීම මඟින් රා‍ජ්‍ය ආදා­යම් අහි­මි­වීම් සහ දූෂණ අව­දා­නම් අවම කිරී­මට සහ සමාජ විය­දම් ඇතුළු විය­දම් සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ආර­ක්ෂණ ගොඩ­නංවා ගැනී­මට සහ ශ්‍රී ලංකාවේ වඩාත් අව­දා­න­මට ලක්විය හැකි කණ්ඩා­ය­ම්ව­ලට සහාය වීමට උප­කාරී වනු ඇත. ඉන්ධන සහ විදුලි මිල ගණන් පිරි­වැය ප්‍රති­සා­ධන මට්ට­මක පවත්වා ගැනීම සහ දිගු කාල­යක් පුරා පවත්නා ණය නිරා­ක­ර­ණය කිරීම රාජ්‍ය ව්‍යව­සා­ය­න්ගෙන් පැන­න­ඟින මූල්‍ය අව­දා­නම් අවම කර ගැනී­මට උප­කාරී වේ.

මෙම දුෂ්කර අව­ස්ථාවේ දිළිඳු සහ අව­දා­න­මට ලක්වූ­වන් ආරක්ෂා කිරී­මට රජ­යට වග­කී­මක් ඇත. සමාජ විය­දම් සඳහා වැඩ­ස­ට­හනේ දක්වා ඇති අවම විය­දම් ඉල­ක්කය සපු­රා­ලී­මට දරන උත්සා­හ­යන් ශීඝ්‍ර කිරීම සහ විශේ­ෂ­යෙන්ම අස්වැ­සුම වැනි සමාජ ආර­ක්ෂණ ජාල ඉලක්ක කිරීම, ඒවා­යෙහි ප්‍රමා­ණ­වත් බව සහ ආව­ර­ණය වැඩි­දි­යුණු කිරීම වැද­ගත් වේ.

උද්ධ­ම­නය බලා­පො­රොත්තු වූවාට වඩා වැඩි වේග­යෙන් අඩු වී ඇති අතර මිල ස්ථාව­ර­ත්වය අඛ­ණ්ඩව පවත්වා ගැනීම තහ­වුරු කිරී­මට සහ සාර්ව ආර්ථික ස්ථායී­තා­වට සහාය වීම සඳහා අඛණ්ඩ අධී­ක්ෂ­ණය කිරී­මක් අවශ්‍ය වේ.

නව රජයේ ජන­ව­රම පාලන ප්‍රති­සං­ස්ක­රණ නැවත පණ­ග­න්වනු ඇති අතර එම­ඟින් දූෂණ අව­දා­නම් අවම කිරීම, ආර්ථික විශ්වා­සය යළි ගොඩ­නැං­වීම සහ වඩාත් ශක්ති­මත් සහ සැමට ප්‍රති­ලාභ සැල­සෙන වර්ධ­න­යක් ළඟා කර ගැනීම සිදු වනු ඇත.

ජනා­ධි­පති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසා­නා­යක, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහා­චාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රම­ස­ම්පා­දන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම, ජ්‍යෙෂ්ඨ ආර්ථික උප­දේ­ශක දුමින්ද හුලං­ග­මුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ, භාණ්ඩා­ගාර ලේකම් කේ.එම්. මහින්ද සිරි­ව­ර්ධන සහ ර‍ජයේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් සමඟ ජා.මූ. අර­මු­දලේ කණ්ඩා­යම සාකච්ඡා පැවැ­ත්වීය.

ජා.මූ. අර­මු­දලේ කණ්ඩා­යම පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්, පෞද්ග­ලික අංශයේ නියෝ­ජි­ත­යන්, සිවිල් සමාජ සංවි­ධාන සහ සංව­ර්ධන හවු­ල්ක­රු­වන් ද හමු වී තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleMr World තරඟාවලියේ අවසන් 10 දෙනා අතරට අපේ මේඝ ත්
Next Article පලාත් සභා ඡන්දය ලබන වසර මුල
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.