Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දීය රජයෙන් ලංකාවට දුම්රිය එන්ජින් 22 ක්
Sri Lankan news

ඉන්දීය රජයෙන් ලංකාවට දුම්රිය එන්ජින් 22 ක්

kumudikaBy kumudikaDecember 11, 2024Updated:December 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුළු වශයෙන් භාවිතා කරන ලද M10 දුම්රිය එන්ජින් මාදිලියේ වැඩි දියුණු කළ එන්ජින් 20ක් හා එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 02 ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ඉන්දීය දුම්රිය සේවය කැමැත්ත පළ කර ඇත.

එම දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ සේවාව වසර 05 ක කාලයකට ලබා දීම සඳහා වන නොකැඳ වූ යෝජනාවක් ඉන්දියාවේ ඉංජිනේරු උපදේශක සහ යටිතල පහසුකම් සංවර්ධන සමාගමක් වන RITES සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට 2024-06-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ප්‍රදානයක් වශයෙන් ලබා දෙන මෙම දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින බවත්, එකී දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මඟින් එම කාර්ය ඉටු කරවා ගැනීම යෝග්‍ය බවත් ව්‍යාපෘති කමිටුව විසින් පෙන්වා දී තිබේ.

ඒ අනුව, ප්‍රථම කොට අදාළ ප්‍රදාන ගිවිසුමට අත්සන් තබා දුම්රිය එන්ජින් 22 ක ප්‍රදානය ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleExpo City Dubai හි නව ප්‍රධාන සැලැස්ම හරහා පදිකයින්ට හිතකාමී නාගරික මධ්‍යස්ථානයක්
Next Article විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 33 කට අධික විනිමය සුරැකුම් පත් මිලදී ගනියි
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.