Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»හම්බන්තොටට නව තෙල් පිරිපහදුවක් – ආයෝජනය ඩොලර් බිලියන 3.7 ක්
Sri Lankan news

හම්බන්තොටට නව තෙල් පිරිපහදුවක් – ආයෝජනය ඩොලර් බිලියන 3.7 ක්

kumudikaBy kumudikaJanuary 17, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිවුදින චීන රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාවට හිමි වූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේදී ඊයේ (16) පෙරවරුවේ අත්සන් තැබිණි.

අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර මෙම ගිවිසුම අත්සන් තැබිණි.

චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක ඍජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අති විශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ. එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමිවේ.

මේ අතර මේ සංචාරයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15 කට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

එම ගිවිසුම්වලට පෙරේදා (15) අත්සත් තැබූ අතර එම අවබෝධතා ගිවිසුම් පහළොවම අපේ රටේ ආර්ථිකයටත් අපේ රටේ අධ්‍යාපනය හා මාධ්‍ය සංස්කෘතියටත් ඉතාම වැදගත් වන බවත් ඇමැතිවරයා කීවේය.

හම්බන්තොට නව ආයෝජනය සඳහා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද ඊයේ (16) එක්ව සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍ය තානාපති සහ ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් අතර හමුවක්
Next Article අමෙරිකාවේ Institute for Security Governance හි නිලධාරීන් හා, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ප්‍රධානීන් අතර හමුවක්
kumudika

Related Posts

Dubai South ‘South Square’ දියත් කරයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.