මෙගාවොට් 484 ක මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්රදානය කිරීමට ගත් තීරණය අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි පලවන වාර්තා අසත්‍ය යයි එම සමාගම පවසයි.
නව රජයක් පත්වීමෙන් පසු එහි ප්‍රමුඛතා පිළිබඳව කටයුතු කිරීම සහ සහ එම රජයේ බලශක්ති ප්‍රතිපත්ති සමඟ ගිවිසුමේ අඩංගු කරුණු සමාලෝචනය කිරීම සාමාන්‍ය ක්‍රියාවක් බවත් එලෙස සමාලෝචනය කිරීමට කටයුතු කිරීම පුනරීන් බලාගාරයේ ගිවිසුම අතිහිටුවීමක් ලෙස පැවසීම අදානි සමාගම ප්‍රතික්ෂේප කරන බව ඔවුන් විසින් කල නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනයට තව දුරටත් බලාපොරොත්තුවෙන් පසුවන බවට එම නිවේදනයේ සඳහන්ය.