පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය පහළ බසිමින් තිබේ. 20 වන දා ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි බලාගාරවල නිෂ්පාදනය ජාතික ඉල්ලුමෙන් 21%ක් දක්වා පහළ බැස තිබිණ.
අඩුවන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ඉන්ධන බලාගාරවලින් වැඩි සැපයුමක් ලබා දීමට සිදුවී තිබේ. ඒ අනුව ගල් අඟුරු සහ ඩීසල් බලාගාර වලින් ඊයේ දිනයේ ජාතික පද්ධතියේ ඉල්ලුමෙන් 65%ක පමණ ප්‍රමාණයක් ලබාදී ඇත.
සෝලා විදුලියෙන් ඊයේ ජාතික පද්ධතියෙ දෛනික විදුලි උත්පාදනය 7.7ක් පමණ වී ඇත.