Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

May 31, 2025

Miss World සිහිනය බොඳ වෙයි – අනුදි අවසන් 40 දෙනාගෙ ලැයිස්තුවට සුදුසුකම් නොලබයි

May 31, 2025

මාසික ඉන්ධන මිල සංශෝධනය අද රෑ

May 31, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 1
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කම් දෙකක්
Sports

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කම් දෙකක්

kumudikaBy kumudikaMay 29, 2025Updated:May 29, 2025No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආසි­යානු මලල ක්‍රීඩා සම්මේ­ල­නයේ මෙහෙ­ය වීමෙන් දකුණු කොරි­යාවේ ගූමී ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ණයේ පැවැ­ත්වෙන 26 වැනි ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­ව­ලියේ ඊයේ දෙවැනි දින­යේදී මීටර් 400 ක්‍රීඩක කාලිංග කුමා­රගේ එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනී­මට සමත් විය. කාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා මීටර් 400 මිශ්‍ර සහාය දිවී‍මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙවැනි ලෝකඩ පද­ක්කම ශ්‍රී ලංකා­වට දිනා දුන්හ.

කාලිංග තත්පර 45.55කින් හා සහාය දිවීමේ පිල විනාඩි 3:21.95කින් තෙවැනි ස්ථාන­යට පත්වූහ. මිශ්‍ර සහාය දිවීමේ රන් පද­ක්කම විනාඩි 3:18.12කින් තර­ගය නිම කළ ඉන්දි­යාව හා රිදී පද­ක්කම චීනය (වි. 3:20.52) හිමි­කර ගත්හ.

ශ්‍රී ලංකා මීටර් 400 මිශ්‍ර සහාය දිවී‍මේ කණ්ඩා­යම නියෝ­ජ­නය කර­මින් කාලිංග කුමාර‍ගේ, සයුරි මෙන්ඩිස්, සදෙව් රාජ­ක­රුණා හා නිෂේන්ද්‍රා හර්ෂණී ප්‍රනාන්දු ඊයේ තරග බිමට පිවි­සි­යහ. මෙම තර­ග­යට සහ­භා­ගි­වීමේ අපේ­ක්ෂා­වෙන් සිටි අරුණ දර්ශන වෙනු­වට අව­සන් මොහො‍තේ සදෙව් රාජ­කරුණා එක්වූ අතර, නදීශා රාම­නා­යක වෙනු­වට සයුරි මෙන්ඩිස් එක් කිරී­මට සිදු­විය.

ආසි­යාවේ වේග­වත්ම මිනිසා ලෙස මීටර් 100 තත්පර 10.20කින් තර­ගය නිම කළ ජපා­නයේ හිරෝකි යන්ගිටා අභි­ෂේක ලැබූ අතර, වේග­වත්ම කාන්තාව ලෙස මීටර් 100 තත්පර 11.37කින් නිම කළ චීනයේ ලියෑන්ග් ෂියො­ජින්ග් සම්මා­න­යට පාත්‍ර වූවාය. පිරිමි මීටර් 100 රිදී පද­ක්කම තායි­ල­න්තයේ පුරි­පෝල් බූන්සන් (තත්පර 10.20) හා ලෝකඩ පද­ක්කම කස­ක­ස්තා­නයේ අබ්දුල්ලා අබ්කාර් (තත්පර 10.30) දිනා­ගත් අතර, කාන්තා මීටර් 100 රිදී පද­ක්කම තත්පර 11.41කින් සිංග­ප්පූ­රුවේ වෙරෝ­නිකා ශාන්ති හා ලෝකඩ පද­ක්කම විය­ට්නා­මයේ ට්‍රාන් තායී තත්පර 11.54කින් දිනා ගත්හ.

මීටර් 400 ලෝකඩ පද­ක්කම දිනූ කාලිංග මේ තර­ග­වා­රයේ හොඳම කාලය වාර්තා කිරීම කැපී­ පෙ­නුණි. එම ඉසව්වේ රන් පද­ක්කම දිනා­ගත් කටා­රයේ ඉස්ම­යිල් ඉබ්‍ර­හිම් තත්පර 45.33කින් හා රිදී පද­ක්කම දිනා­ගත් කෙනාරෝ සාටෝ තත්පර 45.50ක තියුණු සට­න­කින් ජය වාර්තා කළහ.

ආරම්භ‍යේ සිට ඉතා තියුණු මුහු­ණු­ව­රක් ගත් මීටර් 400 තර­ගයේ කාලිංග කුමා­රගේ පසු­ප­සින් පැමිණ අව­සන් මීටර් 25දී ඉන්දීය ක්‍රීඩක විෂාල් තෙන්න­රාසු (තත්පර 45.57) හා ජපා­නයේ ෆූගෝ සාටෝ (තත්පර 45.59) සිවු­වැනි හා පස්වැනි ස්ථානයට පත් කරමින් ඉදි­රි­යට පැමිණ ලෝකඩ පද­ක්කම ලක් මාතා­වට දිනා දුන්නේය.

33 හැවි­රිදි කාලිංග කුමා­රගේ මීරි­ගම පල්ලෙ­වෙල මහා විද්‍යා­ල­යෙන් මලල ක්‍රීඩා­වට පිවිසි අතර, අන­තු­රුව දකුණු ආසි­යානු හා ආසි­යානු ශූර­තා­වලි පද­ක්කම් දිනා ගැනී­මට සමත් වූවේය. ඔහු ශ්‍රී ලංකා මීටර් 400 සහාය දිවීමේ කණ්ඩාය‍මේ නිත්‍ය සාමා­ජි­ක­යකු වන අතර, ඔහු සහ­භා­ගි­වන එම ඉසව්වේ අව­සන් තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් අද පස්වරු 4ට පැවැ­ත්වී­මට නිය­මි­තය.

මේ අතර, මීටර් 400 ආසි­යානු ශූරිය නදීශා රාම­නායක අව­සන් තර­ගයේ ආර­ම්භයේ සිටම පසු බැසීම හේතු­වෙන් තත්පර 54.70කින් 8 වැනි ස්ථාන­යට පත්වී බලා­පො­රොත්තු සුන් විය. 2023 බැංකොක් ආසි­යානු ශූර­තා­ව­ලියේ මීටර් 400 තර­ගය තත්පර 52.61කින් නිම කොට රන් පද­ක්කම දිනා­ගත් ඇය පසු කර­මින් මෙවර රන් පද­ක්කම ජපානයේ නැනකෝ මට්සු­මෝටෝ දිනා­ගත් අතර, රිදී පද­ක්කම ඉන්දි­යාවේ රූපාල් රාහුල් (තත්පර 52.68) හා ලෝකඩ පද­ක්කම උස්බෙ­කි­ස්තා­නයේ ජොන්බිබි හුක්මෝවා (තත්පර 52.79) දිනා ගත්හ.

මීටර් 100 අව­සන් පූර්ව තරග වට­යට එක්වූ චමෝද් යෝධ­සිංහ තත්පර 10.46කින් තර­ගය නිම කිරීම හේතු­වෙන් අව­සන් මහා තර­ග­යට යෑමට එම කාලය ප්‍රමා­ණ­වත් නොවුණි. ඔහු මූලික වට­යේදී තත්පර 10.40ක දක්ෂ­තා­ව­කින් අව­සන් පූර්ව වට­යට සුදු­සු­කම් ලබා ගත්තද ඊයේ දිනයේ තර­මක පසු බැසී­ම­කට ලක් විය.

උස පැනීම ක්‍රීඩක ලෙසඳු අර්ථ­වි­දූගේ අව­සන් තීර­ණා­ත්මක තර­ගය අද ශ්‍රී ලංකා වේලා‍වෙන් පස්වරු 2.10ට ආරම්භ වන බැවින් ඒ කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමුව පවතී. එ‍මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩි­කා­වන් සහ­භාගි වන මීටර් 400 කාන්තා සහාය දිවීමේ අව­සන් තර­ගය අද පස්වරු 3.45ට පැවැ­ත්වී­මට නිය­මිතය.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමස්ක් ගේ Starship  යානය කඩා වැටේ
Next Article ශකීරාගේ ප්‍රසංගය හේතුවෙන් නිව්ජර්සි ප්‍රාන්තයට සරම්ප
kumudika

Related Posts

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

May 31, 2025

Miss World සිහිනය බොඳ වෙයි – අනුදි අවසන් 40 දෙනාගෙ ලැයිස්තුවට සුදුසුකම් නොලබයි

May 31, 2025

මාසික ඉන්ධන මිල සංශෝධනය අද රෑ

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.