Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Visit Sri Lanka»ලංකාවේ පළමු තිරසර ගමනාන්තය බවට සීගිරිය නම් කෙරේ
Visit Sri Lanka

ලංකාවේ පළමු තිරසර ගමනාන්තය බවට සීගිරිය නම් කෙරේ

kumudikaBy kumudikaJune 11, 2025Updated:June 11, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සීගිරිය ශ්‍රී ලංකාවේ පළමු තිරසර ගමනාන්තය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව විසින් සංවර්ධනය කරන ලද විස්තීර්ණ ගමනාන්ත කළමනාකරණ සැලැස්මක් මගින් 2023 දී දියත් කරන ලද තිරසාර ගමනාන්ත සහතික කිරීමේ වැඩසටහනේ නිගමනයට අනුව මෙම නම් කිරීම සිදුකර ඇත.

මේ හරහා සීගිරිය සඳහා තිරසාර නිර්ණායක ගෙනහැර දැක්වීම මෙන්ම, ඒ ආසන්නයේ පවතින ආකර්ෂණ ස්ථාන වැඩිදියුණු කිරීමට සහ ආරක්ෂා කිරීමට ද නිර්ණායක සපයා තිබේ.

ගෝලීය තිරසර සංචාරක කවුන්සිලයේ මගපෙන්වීම සහ UNDP BioFIN ව්‍යාපෘතියේ අරමුදල් සමඟ 2018 දී ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හඳුන්වාදුන් තිරසර සංචාරක සහතික කිරීමේ වැඩසටහන මේවනවිට ක්‍රමයෙන් පුළුල් වී ඇත.

2019 දී ආරම්භය සනිටුහන් කරමින් හෝටල් 37ක් සමඟ ඔවුන්ගේ පාරිසරික සහ සමාජීය ප්‍රමිතීන් සඳහා ජාතික තිරසාර සංචාරක සහතිකය ලබාගෙන තිබේ.

සංචාරක ක්‍ෂේත්‍රය පුරා තිරසරත්වය වර්ධනය කිරීම එතැන් සිට පුළුල් ක්ෂේත්‍රක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් ඇත.

එහි ප්‍රමුඛ කාර්යයක් ලෙස මේවනවිට සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තුළ කැප වූ තිරසර සංචාරක ඒකකයක් පිහිටුවීමය. එමගින් හෝටල් සහ සංචාරක ක්‍රියාකරුවන් සඳහා තිරසාර අනුකූලතාවය සහ උපාය මාර්ග අධීක්ෂණය කරයි.

Solidaridad Sri Lanka සමඟ සහයෝගීව මෙම තිරසර සංචාරක ඒකකයක් විසින් ව්‍යාපාරවලට ඔවුන්ගේ තිරසාර කාර්ය සාධනය මැනීමට සහ වැඩිදියුණු කිරීමට ඉඩ සලසන ස්වයං තක්සේරු පද්ධතියක් හඳුන්වා දී ඇත.

දිවයින පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන ‘Good Travel නමැති සහතික කිරීමේ වැඩසටහන මේ සඳහා ක්‍රියාත්මක වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදුලි බිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය
Next Article එමීර් රාජ්‍යය භාණ්ඩ බෙදාහැරීමේ සේවකයින් සඳහා වායු සමීකරණය කරන ලද විවේකාගාර 10,000 කට අධික සංඛ්‍යාවක් පිහිටුවයි
kumudika

Related Posts

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.