ඩුබායි පදනම් කරගත් “The Loop” නමින් කිලෝමීටර් 93ක දේශගුණිකව පාලනය කල සයිකල් අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් නිවේදනය කොට තිබෙනවා. ඇවිදීමෙන් සහ බයිසිකල් පැදීමෙන් මිනිත්තු තුනකින් ප්‍රධාන සේවා සහ වෙනත් ස්ථාන වෙත මිලියන තුනකට අධික පදිංචිකරුවන් සම්බන්ධ කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.
මෙම නවතම සංකල්පය ඩුබායි හි 2040 වන විට මිනිත්තු 20 ක නගරයක් බවට පත්කිරීම් ඉලක්කයට අනුකූල වන අතර, එමගින් පදිංචිකරුවන්ට දෛනික අවශ්‍යතා සහ ගමනාන්ත වෙත මිනිත්තු 20 ක් ඇතුළත පයින් හෝ බයිසිකලයෙන් ප්‍රවේශ විය හැකි වෙනවා.
මෙම ව්‍යාපෘතියේ හි ප්‍රධාන විධායක නිලධාරී Baharash Bagherian ප්‍රකාශ කළේ, “නාගරික සංචලනයේ ව්‍යවසායකත්වය සඳහා හොඳම ස්ථානය වන්නේ ඩුබායි නගරයයි. ඩුබායි නගරය පයින් හෝ බයිසිකලයෙන් පෘථිවියේ වඩාත්ම සම්බන්ධිත නගරය බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඩුබායි හි 80% කට වැඩි පිරිසක් දෛනික පදනම මත බයිසිකලයක් භාවිතා කිරීමට පෙළඹවීම සහ නගරයේ අනාගත සංචලන යටිතල පහසුකම් තිරසාර ප්‍රවාහන පද්ධති බවට පත් කිරීම සඳහා ප්‍රතිනිර්මාණය කිරීම මෙහි අරමුණයි”
ඊට අමතරව Loop ව්‍යාපෘතිය මගින් ලොව උසස්ම පාපැදි පැදීම සහ ඇවිදීමේ යටිතල පහසුකම් සඳහා නව මිණුම් දණ්ඩක් නිර් මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා . මෙමගින් කාලගුණික තත්ත්වයන් කුමක් වුවත්, ඩුබායි හි පදිංචිකරුවන්ගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය ඇවිදීම සහ බයිසිකල් පැදීමට එය විනෝදජනක දේශගුණිකව පාලනය වූ පරිසරයක් සපයනු ඇත. ඩුබායි සහ ඉන් ඔබ්බෙහි නාගරික සංචලනයේ අනාගතය හැඩගස්වන විවිධ පහසුකම් සහ තිරසාර විශේෂාංගවලින් මෙම ව්‍යාපෘතිය සමන්විත වෙනු ඇත.
වර් තමානයේ, බයිසිකල් පැදීම සහ පොදු නාගරික ප්‍රවාහනය අතර සම්බන්ධතාවයන්හි සැලකිය යුතු පරතරයක් පවතින අතර, ඒ දෙක ඒකාබද්ධ වන අයුරින්, ඩුබායි වැසියන්ට ඔවුන්ගේ දෛනික ගමනාගමනවලදී දිගු දුරක් යාමට පාපැදි පැදීම සහ පොදු ප්‍රවාහනය ඒකාබද්ධ කිරීම පහසු වනු ඇත.
Loop ව්‍යාපෘතිය මගින් මෝටර් රථ කේන්ද්‍රීය යටිතල ව්‍යුහයේ සිට මිනිසුන් කේන්ද්‍ර කරගත් යටිතල ව්‍යූහය දක්වා වෙනසක් ලබා දෙනු ඇත.
ව්‍යාපෘති විධායක නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, “අපගේ අරමුණ වන්නේ විවිධ විවේක හා ප්‍රජා සේවා ද සැපයිය හැකි මිනිසුන්ගේ අවශ්‍යතා සඳහා අවකාශයන් භාවිතවන යටිතල පහසුකම් ගැන සිතීමයි. කාලගුණික තත්ත්වයන් කුමක් වුවත් මෙවැනි යටිතල පහසුකම් තිරසාර ගමනාගමනයේ ප්‍රියජනක ක්‍රමයක් විය යුතුයි”