Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ශ්‍රී ලංකන් කොටස් ප්‍රමාණයක් ටාටා සමාගමට?
Uncategorized

ශ්‍රී ලංකන් කොටස් ප්‍රමාණයක් ටාටා සමාගමට?

Stanly KularathnaBy Stanly KularathnaMay 10, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු කොටස් ඉන්දියාවේ ටාටා සමා​ගම වෙත පැවරීමට මූලික වටයේ සාකච්ඡාවක් සිදුවන බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාර සමූහයක් වන ටාටා සමාගම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් හිමිකර ගැනීමට උනන්දුවෙන් පසුවන බවයි.

විශේෂයෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පසුගිය කාලයේදී ණය කන්දක් රැස් කරමින් පාඩු ලබන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පැමිණීම තුළ මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ කරළියට පැමිණියේය.

ශ්‍රී ලංකවේ මෑතකාලීන ආර්ථික අර්බුදය සමග මෙය ඒකාබද්ධවීම නිසා රජයටද ගුවන් සේවය පෞද්ගලිකරණය කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නොමැති බවත් හැ​ඟවේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මිලදී ගැනීමට සූදානම් යැයි කියන ටාටා සමූහය මීට වසර කිහිපයකට පෙර පාඩු ලබන ඉන්දියානු ගුවන් සමාගමක් වන එයාර් ඉන්දියා මිලදී ගත් අතර එය මුල සිටම ප්‍රතිසංස්කරණය කළේය.

ඊට අමතරව ටාටා සමූහය​ට තවත් ඉන්දියානු ගුවන් සේවා තුනක් ඇති අතර ඒවා නම් එයාර් ඒෂියා ඉන්දියා, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් හා විස්තාරා යන ගුවන් සේවාවන්ය.

කෙසේ වෙතත් ටාටා සමූහය විස්තාරා ගුවන් සේවය, එයාර් ඉන්දියා සම​ග ඒකාබද්ධ කිරීමට උත්සාහයන් සිදුවන අතර ඉතිරි ගුවන් සේවාවන් දෙකටද එම ඉරණමම අත්වෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ටාටා සමූහය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මිලදී ගන්නේ නම් එය ස්ථානගතවන්නේ කවර තැනකටද යන්න සිත්ගන්නා සුලු කරුණක් බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA, තිරසාර තාක්‍ෂණය සහ වත්කම් කළමනාකරණය පිළිබඳ නවෝත්පාදන සඳහා සම්මාන ලබා ගනී
Next Article එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සිරියාවේ ආහාර පාර්සල් 156,000ක් බෙදා දෙයි
Stanly Kularathna

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.