Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම​ට ගිවිසුම් ගත​වේ
Foreign Employment

නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම​ට ගිවිසුම් ගත​වේ

Stanly KularathnaBy Stanly KularathnaJune 11, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ස​ඳහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතන අතර අවභෝධතා ගිවිසුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෑතදී අත්සන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසීස්, ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය වෙනුවෙන් එහි පාලක සභාවේ ලේකම් ප්‍රසාද් ජයවීර, කොරියානු ක්ලූලයිෆ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන් යුං ලිම් යන මහත්වරු මෙම අවභෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම අවභෝධතා ගිවිසුම අනුව කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා වන ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිතය. නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙල්ඩින් රැකියා සදහා මූලික අදියරේදී ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිත අතර දෙවැනි අදියරේදි නැව් පින්තාරු පුහුණුව, විදුලි පරිපථ පිළිබ​ඳ පුහුණුව ලබාදීමට නියමිතය.

නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන්ට කොරියානු භාෂා පුහුණුව ලබාදීමටද නියමිතව ඇත.

ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය පුහුණුව සදහා අවශ්‍ය පහසුකම් සපයන අතර කොරියානු ක්ලූලයිෆ් ආයතනය විසින් පුහුණුකිරීම් කටයුතු සිදු කරනු ලබයි. ඒ සදහා වන කොරියානු පුහුණුකරුවන්ද එම ආයනය විසින් සම්බන්ධීකරණය කිරීමට නියමිතය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන්​ට කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සහ රැකියා අවස්ථා ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීම සදහා වන රැකියා කෝටාවන් ලංකාවට ලබාගැනීටම අවශ්‍ය සහාය ලබාදීමට නියමිතය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අදාල පුහුණු කටයුතුවල ගුණාත්මකභාවය සහතික කිරීම සදහා වන අධීක්ෂණ කටයුතු සිදුකරනු ඇත.

අවභෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ගංගාරාම විහාරවාසී ශ්‍රාස්ත්‍රපති හීන්කුඹුරේ කොන්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක යන මහත්වරු එක්ව සිටියහ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE ගුවන් තොටුප​​ළේ නොමිලේ වාහන නැවැත්වීම සමග රට පුරා ගුවන් තොටුපළ නැවතීම් ගාස්තු
Next Article UAE, 2024 වසරේ සංවර්ධන​ය 1.1% සිට 3.4% දක්වා වැඩි වන බව​ ලෝක බැංකුව පුරෝකථනය කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.