ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) Al-Futtaim Automotive සමඟ හවුල් වී ඉදිරි වසර තුන තුළ ප්‍රධාන සම්මන්ත්‍රණ සහ උත්සව සඳහා විද්‍යුත් සහ දෙමුහුන් වාහන 360 ක් යෙදවීමට කටයුතු කෙරෙනු ඇත.

මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය RTA හි තිරසාර ප්‍රවාහන ජාලයට සහ ‘ඩුබායි හි ශුන්‍ය-විමෝචන පොදු ප්‍රවාහනය 2050’ උපාය මාර්ගයට සහාය වේ. විදුලි ආරෝපණ තාක්ෂණය (charging technology) සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහය ද ගිවිසුමට ඇතුළත් වේ.

2050 වන විට සියලුම බස් රථ, කුලී රථ සහ ලිමොසින් රථ විමෝචන ශුන්‍ය වාහන බවට පරිවර්තනය කිරීම මෙම මුලපිරීමේ අරමුණ වන අතර, 2050 වන විට 100% පොදු බස්රථ විදුලි හා හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන වාහන බවටත් 2040 වන විට සියලුම කුලී රථත් එම තත්වය​ට පත් කිරීමේ අරමුණ ඇත.

Al-Futtaim Automotive විසින් විදුලි බස් රථ 10 ක්, විදුලි වාහන 250 ක් සහ දෙමුහුන් වාහන 100 ක් ඇතුළුව මුළු වාහන 360 ක් සපයනු ඇත. ඔවුන් අවශ්‍ය ආරෝපණ (charging) යටිතල පහසුකම් සහ තාක්ෂණික සහාය ද සපයනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිරසාර ගමනාගමනය මෙහෙයවීම සහ පාරිසරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව සඳහා ඇති කැපවීම මෙම හවුල්කාරිත්වය මගින් පෙන්නුම් කරයි.

Share.

Comments are closed.