Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»ඩිරාම් මිලියන 32 ක අන්තර්ජාල වංචාවට සාමාජිකයින් 30 දෙනෙකු​ට වසර 96 ක සිරදඬුවම්, සමාගම් 7 කට දඩ
Law

ඩිරාම් මිලියන 32 ක අන්තර්ජාල වංචාවට සාමාජිකයින් 30 දෙනෙකු​ට වසර 96 ක සිරදඬුවම්, සමාගම් 7 කට දඩ

Stanly KularathnaBy Stanly KularathnaJune 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි පුද්ගලයන් 30 දෙනෙකුගෙන් යුත් කල්ලියක් සහ සමාගම් 7ක් තවත් පුද්ගලයින් සහ සමාගම් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය හරහා සිදු කරන ලද වංචාවකදී මුදල් විශුද්ධිකරණය කිරීම සහ ඩිරාම් මිලියන 32ක් වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී තිබේ.

මුදල් විශුද්ධිකරණ අධිකරණය, කල්ලියේ සාමාජිකයන් 30 දෙනාට වසර 96ක සිර දඬුවමක් නියම කළේය. සිරදඬුවම් කාලය අවසන් වීමෙන් පසු ඔවුන් රටින් පිටුවහල් කිරීමට නියමිතය. විත්තිකරුවන්ට ඩිරාම් මිලියන 32කට වැඩි දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය.

අපරාධය සඳහා භාවිත කළ පරි​ඝණක සහ දුරකථන රාජසන්තක කරන ලෙස ද අධිකරණය නියෝග කළේය. මීට අමතරව, එ​ම නඩුවට සම්බන්ධ සමාගම් හතට ඩිරාම් 700,000 ක ඒකාබද්ධ දඩයක් නියම කළේය. දඩ මුදල පියවා ගැනීම සඳහා උසාවියට විත්තිකරුවන්ට අයත් අරමුදල් හෝ වත්කම් රාජසන්තක කළ හැකිය.

මුදල් විශුද්ධිකරණය සහ ඩිරාම් මිලියන 32 මාර්ගගත වංචාවක් කිරී​ම සම්බන්ධයෙන් නීතිපති දෙපාර් ථමේන්තුව විසින් පුද්ගලයින් 30 දෙනෙකු සහ සමාගම් හත​ට ඩුබායි අධිකරණය වෙත යොමු කරන ලදී.

ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සහ මහජන අරමුදල් නඩු පැවරුම් ප්‍රධානී උපදේශක ඉස්මයිල් මදනි පැවසුවේ මෙම කල්ලිය වින්දිතයින්ට සංවේදී තොරතුරු රැස්කිරීම​ට (phishing) ඊමේල් 118,000ක් යවා මුදල් සොරකම් කර ඇති බවයි. අපරාධකරුවන්, වින්දිතයන්​ගේ ව්‍යාපාරික සබඳතා පැවැත්වූ බැංකු සහ මූල්‍ය ආයතන ලෙස පෙනී සිටියේය.

“මෙම phishing ඊමේල් මගින් වින්දිතයන්ගෙන් ඉල්ලා තිබෙන්​නේ විත්තිකරුවන්ගේ ගිණුම් වෙත ගෙවීම් මාරු කරන ලෙසයි. පසුව, විත්තිකරුවන් එම මුදල් ලබාගෙන හෝ වෙනත් ගිණුම්වලට මාරු කර ඇති අතර, අනෙක් විත්තිකරුවන් මුදල්වල අයථා මූලාශ්‍රය වසන් කිරීම සඳහා පාවිච්චි කළ මෝටර් රථ මිලදී ගෙන ඇත,” නිලධාරියා පැවසීය.

ජාතික ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති කළ හැකි මුදල් විශුද්ධිකරණය, මාර්ගගත අපරාධ සහ වංචාවලට එරෙහිව සටන් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සම්පූර්ණයෙන්ම කැපවී සිටින බව උපදේශක ඉස්මයිල් මදනි පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනය සඳහා ශක්තිමත් ක්‍රමවේදයක් සකස් කර ඇත. 2022 නොවැම්බර් සිට 2023 පෙබරවාරි දක්වා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන නව නඩු 122 ක් විවෘත කර ඇති අතර, 109 ක් විමර්ශනය කරන ලදී.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය Eid Al Adha උත්සවයට පසුවන තෙක් එමරාතීකරණ කාල සීමාව දීර්ඝ කරයි
Next Article UAE, 2023 දී කෝටිපති සංක්‍රමණයේ කැපී පෙනෙන වර්ධනයක් අත්විඳීමට සූදානම් වේ
Stanly Kularathna

Related Posts

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.