ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශය විසින් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා සාත්තු සේවිකාවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් එරට නියෝජිතයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කොට තිබෙනවා. එම සාකච්ඡාවලදී එරට නියෝජිත කණ්ඩායමෙන් කල ඉල්ලීමකට අනුව සාත්තු සේවිකාවන් බඳවා ගැනීම වේගවත් කිරීම සදහා අමාත්‍යවරයා වෙත එකඟතාවය පළ කරනු ලැබුවා. ඒ අනුව මෙසේ සාත්තු සේවිකාවන් පිටත් කර යැවීම වේගවත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
එම ක්‍රියාවලිය වේගවත් කිරීමෙන් පසු සාත්තු සේවක රැකියා සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් 12 දෙනෙක් වෙත අමාත්‍යවරයා අතින් ගුවන් ටිකට්පත් ප්රදානය කරනු ලැබුවා. ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 61 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම අද (20) දිනයේදී ඊශ්‍රායලය වෙත පිටත්ව යාමට නියමිතයි.