Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Construction»ඩුබායිහි ඉදිවෙ​න ලොව උසම නේවාසික ගොඩනැඟිල්ලේ නිවාස මිල ගනන් නිවේදනය කරයි
Construction

ඩුබායිහි ඉදිවෙ​න ලොව උසම නේවාසික ගොඩනැඟිල්ලේ නිවාස මිල ගනන් නිවේදනය කරයි

මහල් නිවාස 1,619 ක් සහ ස්කයි විලා 22 කින් සමන්විත මෙම සං​ඛේතාත්මක කුළුණ ඩුබායි හි සුප්‍රසිද්ධ අහසට නව එකතු කිරීමක් වනු ඇත
Stanly KularathnaBy Stanly KularathnaJune 20, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලොව උසම නේවාසික ගොඩනැගිල්ල ලෙස හැඳින්වෙන Al Habtoor සමූහයේ අලුතින් දියත් කරන ලද කුළුණ සඳහා ගැනුම්කරුවන් සහ ආයෝජකයින්ගෙන් “දැවැන්ත උනන්දුවක්” දක්නට ලැබේ. Al Habtoor හි උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Mohammed Khalaf Al Habtoor පසුගියදා මාධ්‍ය වෙත පැවසුවේ ඔවුන්ගෙන් සමහරෙකුට සම්පූර්ණ කුළුණ වුවද මිලදී ගැනීමට අවශ්‍ය බවයි.

ඩුබායි පදනම් කරගත් සමූහය නිවේදනය කළේ ෂෙයික් සයීඩ් පාරේ තට්ටු 82 කින් යුත් Al Habtoor කුළුණ තුළ නිවාස ඒකක දැන් විකිණීමට ඇති බවයි. කෙසේ වෙතත්, සංවර්ධකයා ලොව උසම නේවාසික කුළුණේ උස හෙළි කිරීම ප්‍රතික්ෂේප කොට තිබෙ​නවා.

Al Habtoor නගරයේ පිහිටා ඇති, සින්නක්කර ව්‍යාපෘතිය සඳහා චීනය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඉන්දියාව, GCC සහ වෙනත් රටවලින් දේශීය සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගෙන් උනන්දුව දැක තිබෙනවා.

මහල් නිවාස 1,619 ක් සහ ස්කයි විලා 22 කින් සමන්විත මෙම සං​ඛේතාත්මක කුළුණ ඩුබායි හි සුප්‍රසිද්ධ අහසට නව එකතු කිරීමක් වනු ඇත. එක් නිදන කාමරයක් සඳහා මිල ගණන් ඩිරාම් මිලියන 2.1 සිට වන අත​ර, 2BHK(නිදනකාමර දෙකක්, හෝල් එකක් සහ මුළුතැන්ගෙයක්) ඩිරාම් මිලියන 3.5 සිට වන අත​ර, සහ 3BHK ඩිරාම් මිලියන 4.7 සිට මිල නියම කොට තිබෙනවා, ස්කයි විලා සඳහා තවමත් මිල නියම කොට නැ​ත.

ඩුබායි දේපල සඳහා ඇති ඉල්ලුම පිළිබිඹු කරමින් Mohammed Al Habtoor පැවසුවේ ඩිරාම් බිලියන 3.7 ක මුළු කුළුණම මිලදී ගැනීමට සමහර තනි ආයෝජකයින් උනන්දුවන බවයි.

“අපගෙන් ඒ සියල්ල මිලදී ගැනීමට අවශ්‍ය අය සිටියා, නමුත් අපි ​ඒ ​ඉල්ලීම ප්‍රතික්ෂේප කලා,” Al Habtoor වැඩිදුරටත් පැවසීය.

Al Habtoor සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තෝමස් මර්ඩොක්ට අනුව, කුළුණ තුළ නිවාස ඒකක හිමිකර ගැනීමට ඇති උනන්දුව “අසාමාන්‍ය සංඛ්‍යා දක්වා දිව යනවා “.

“විවිධ අරමුදල් ද කුළුණේ නිවාස ඒකක මිලදී ගැනීමට උනන්දුවක් දක්වා තිබෙනවා” මර්ඩොක් පැවසීය.

Al Habtoor මෙන්​ම ඔහු​ද පැවසුවේ බහුවිධ ආයෝජකයින් සම්පූර්ණ කුළුණ මිලදී ගැනීමට ඉදිරිපත් වූ බවයි.

“මෙම දැඩි උනන්දුව Al Habtoor සමූහයේ සන්නාමය සඳහා ඇති දැඩි ඉල්ලුම සහ ඩුබායි හි නේවාසික දේපල වෙළඳපොලේ පරිණතභාවය පිළිබිඹු කරයි,” ඔහු පැවසීය. “ඩුබායිහි දේපල වෙලඳපොල සඳහා ඉල්ලුම අහස උසට පියාසර කරමින් පවතින අතර, නව ව්‍යාපෘති දියත් කිරීම් ගණන සමඟ අපට දැකිය හැකි පරිදි එය දිගටම පවතිනු ඇත,” ඔහු පැවසීය.

මර්ඩොක් පැවසුවේ කුළුණ අල් හබ්ටූර් නගරය තුළ සිරස් නගරයක් වනු ඇති බවයි. “විවිධ මට්ටම්වල බහුවිධ පිහිනුම් තටාක, පූර්ණ සේවා ස්පා, නිස්කලංක අවකාශයන්, ළමයින් සඳහා ප්‍රදේශ, පුස්තකාල ඇතුළු සිල්ලර සහ ​අහා​ර විකල්ප රාශියක් ඇත” ඔහු පැවසීය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කෙ​රේ
Next Article මාර්ග දෙපස යාච්ඤා කිරීම සඳහා ඩිරාම් 1,000 ක දඩයක්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.