Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»කොරියාවට ශ්‍රමිකයන් රැගෙන යාම​ට මාස දෙකකින් ඍජු ගුවන් ගමන්
Foreign Employment

කොරියාවට ශ්‍රමිකයන් රැගෙන යාම​ට මාස දෙකකින් ඍජු ගුවන් ගමන්

Stanly KularathnaBy Stanly KularathnaJune 23, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉදිරි මාස දෙක තුළ, ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා කොරියානු රජය සමඟ සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කොරියානු රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන් ගමන් ගන්නා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 470 දරන ගුවන්යානය මෑත දින​කදීත් පැය 12ක් පමණ ප්‍රමාද වී ඇති අතර, මෙය බරපතළ තත්ත්වයක් බව ද ඇමැතිවරයා පැවසීය.

එබැවින් මෙම අර්බුදය විසඳීම සඳහා කඩිනමින් මැදිහත් විය යුතු බැවින් කොරියාව සමඟ සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා කොරියානු රජය සමඟ සාකච්ඡා කළ බව ඇමැතිවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

කොරියාව බලා ශ්‍රමිකයන් රැගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන්යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාද වීම නිසා කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කර යැවීම බරපතළ ගැටලුවක් බවට පත් වී තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ප්‍රමාදය අවම කර ගැනීමේ තාවකාලික විසඳුමක් වශයෙන් ඉදිරි සති දෙක තුළදී එම ශ්‍රමිකයන් සිංගප්පූරුව හරහා කොරියාවට යැවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය, දයාසිරි ජයසේකර මහතා මතු කළේ කාලෝචිත ප්‍රශ්නයක්. මේ ගුවන්යානා ප්‍රමාදය දිගින් දිගටම සිදු වෙනවා. මේ ගුවන් ප්‍රමාදය නිසාම අනෙක් කටයුතුත් ප්‍රමාද වෙනවා. මේ ශ්‍රමිකයන් භාර ගැනීමත් ප්‍රමාද වෙනවා. භාර ගන්න එන කණ්ඩායම් නියමිත වෙලාවට එන්නේ නැහැ. ඒ වගේම මෙය පළමු අවස්ථාව නෙවෙයි. සමහර දවස්වල පැය අට, නවය ප්‍රමාද වුණා. මේ ශ්‍රමිකයන් භාර ගැනීම සඳහා කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව බලාගෙන ඉන්නේ උදේ අටේ විතර ඉඳන්. ඒ වෙලාවෙන් පිටත යනවා නම් ඒ අය භාර ගන්න සූදානම් නැහැ. ඒ වගේම ඊයෙත් මේක පැය දෙක තුනක් ඇතුළත කර ගන්න අපි උත්සාහ කළා. නමුත් සාර්ථක වුණේ නැහැ. ඒ නිසා කැන්සල් කරන්න සිදු වුණා. මේ දරුවො බලාපොරොත්තු පොදි බැඳගෙන යන්න එන්නේ.

කොරියාව බලා ශ්‍රමිකයන් රැගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන්යානා දිගින් දිගටම මේ විදියට ප්‍රමාද වෙනවා. මෙම ගුවන්යානා දුවන්නෙම මෙම ශ්‍රමිකයන් හරහා. අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳව දැනුම්වත් කළත් නිර්ලැජ්ජිත විදියට මෙම ප්‍රමාදය නැවත නැවත සිදු කරනවා.

කොරියානු රැකියා සඳහා පිටත්ව යන 800 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් කර යැවීමට අවශ්‍ය සියලු කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් සූදානම් කර තිබුණා. අපි මේ ගැන කොරියාවත් සමඟත් කතා කළා. අපි මේ ආකාරයට කටයුතු කරන කොට ගුවන්තොටුපොළ හැමදාම මේ විනාශය කරනවා.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඊද් අල් අදාට පෙර සිරකරුවන් 650ක් නිදහස් කිරීමට ෂෙයික් මොහොමඩ් නියෝග කරයි
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූ දර්ශනය නැවත හැඩගස්වන මෙගා ව්‍යාපෘති 5ක්
Stanly Kularathna

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

මුඛ ආවරණ වල මිල වේගයෙන් ඉහලට – පාලන මිලක් අවශ්‍යයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.