ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ බුලවායෝහිදී සහභාගි වූ පළමු තරගයේදී නෙදර්ලන්තය ලකුණු 21 කින් පරාජය කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පි​ල ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කලා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 47.4ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 213ක් ලබා ගත්තා.

මෙහිදී ධනංජය ද සිල්වා පන්ඳු 111කදී ලකුණු 93ක් ලබා ගත් අතර දිමුත් කරුණාරත්න පන්ඳු 51කදී ලකුණු 33ක් රැස් කළේය. ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙනුවෙන් මහේෂ් තීක්ෂණ 28, වනිඳු හසරංග 20 සහ කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් ලබා ගත්හ.

නෙදර්ලන්තය වෙනුවෙන් Logan van Beek සහ Bas de Leede කඩුලු 03 බැගින් දවාගත් අතර Saqib Zulfiqar කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 213 හඹා ගිය නෙදර්ලන්තයට ඕවර 40 අවසානයේ සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 192ක් පමණි.

නෙදර්ලන්තය වෙනුවෙන් නායක ස්කොට් එඩ්වර් ඩ් නොදැවී ලකුණු 67ක් ලබාගත් අතර බාස් ඩි ලීඩ් ලකුණු 41ක් ද, වෙස්ලි බැරේසි ලකුණු 52ක් ද ලබාගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහේෂ් තීක්ෂණ කඩුළු 03ක් ද, වනිඳු හසරංග කඩුළු 02ක් ද, දසුන් ශානක, ඩිල්ෂාන් මධුශංක සහ ළහිරු කුමාර කඩුළු 1 බැගින් ද බිඳ දැමූහ.

Share.

Comments are closed.