Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි
Sports

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

Stanly KularathnaBy Stanly KularathnaJuly 2, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ අද පැවැති තරගය කඩුලු 9ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්කරමිනි.

බුලවායෝ හිදි පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත් අතර ඔහු පළමු පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසියේ ආබාධයකට ලක්වූ ලහිරු කුමාර වෙනුවට මතීෂ පතිරණ කැඳවමිනි.

ඒ අනුව, පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම මුල් පිතිකරුවන් තිදෙනා ලකුණු 30ක් තුළ යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඩිල්ෂාන් මධුසංඛ සමත්වුණි.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සාර්ථක පිතිකරු වූ ෂොන් විලියම්ස් ලකුණු 15ක් රැස් කර සිටියදී ලබා දුන් පහසු උඩ පන්දුව මතීෂ පතිරණ අතින් ගිලියාමත් සමග ඔහු තවදුරටත් කඩුල්ලේ රැඳීසිටීමේ අවස්ථාව උදාවුණි.

ඉන් ඵල නෙලා ගත් ෂෝන් විලියම්ස්ගේ ලකුණු 56ක් රැස්කළ අතර මහීෂ් තීක්ෂණ යොමු කළ විශිෂ්ට පන්දුවක් හමුවේ විලියම්ස්ගේ ඉනිම නිමා වුණි.

ඒ අනුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවීරැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 165ක් පමණි.

පන්දුයැවිමේදි මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් සහ ඩිල්ෂාන් මධුසංඛ කඩුලු 3ක් දවා ගත් අතර මතීෂ පතිරණ කඩුලු දෙකක් දවා ගත්හ.

ලකුණු 166ක ජයග්‍රහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක සිය දෙවන ශතකය රැස්කිරීමට සමත් විය.

ඔහු 33වන පන්දුවාරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සිය ශතකය රැස් කිරීමට සමත් විය.

පැතුම් නිශ්ශංක නොදැවී 101ක් රැස්කළේය.

දිමුත් කරුණාරත්න ලකුණු 30ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25ක් රැස් කළේය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමුතු රාජා ලංකාවෙන් යයි
Next Article UAEහි ආගන්තුක සත්කාර ක්‍ෂේත්‍රයේ නව රැකියා 7,000ක්
Stanly Kularathna

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

මුඛ ආවරණ වල මිල වේගයෙන් ඉහලට – පාලන මිලක් අවශ්‍යයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.