සාජාහි විධායක සභාව විසින් ව්‍යාපාර සඳහා බලපත්‍ර අලුත් නොකිරීමට අදාළ දඩ මුදල් සඳහා 50% ක වට්ටමක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ජූලි 10 සිට ආරම්භ වන මාස හතරක කාලයක් තුළ ව්‍යාපාර හිමිකරුවන් තම තත්ත්වයන් නිවැරදි කරගැනී​මේ කොන්දේසි​ය මත මෙම වට්ටම හිම්වේ.

සාජාහි නියෝජ්‍ය පාලක සහ විධායක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති අතිගරු ෂෙයික් අබ්දුල්ලා බින් සාලෙම් බින් සුල්තාන් අල් කාසිමිගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය අනුමත කරන ලදී.

මෙම මුලපිරීම පැමිණෙන්නේ ප්‍රශස්ත ආර්ථික දිරිගැන්වීම් ලබාදීමට සහ දේශීය වෙළඳපොලේ වර්ධනය ශක්තිමත් කිරීමට සාජා හි කැපවීමේ කොටසක් ලෙස ය.

මීට අමතරව, කර්මාන්ත හා උසස්තාක්ෂණ අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කවුන්සිලය ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුමැති​ය ලබා දුන්නේය.

වෙළඳපල සමීක්ෂණ නියාමනය කිරීමේදී සහ නිෂ්පාදන අනුකූලතාව තහවුරු කිරීමේදී සහයෝගීතාව වර්ධනය කිරීම මෙහි අරමුණයි. මෙම පියවර මගින් සාජාහි ව්‍යාපාරික පරිසර පද්ධතිය වැඩිදියුණු කිරීමටත් ආයෝජකයින් සහ පාරිභෝගිකයින් අතර විශ්වාසය තහවුරු කිරීමටත් අපේක්ෂා කෙරේ.

Share.

Comments are closed.