ජුනි මාසයේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නිර්දේශ වී තිබේ.

එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් එම මාසයේ දක්ෂතම ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීම සිදුකරයි.

වනිඳු හසරංගට අමතරව සිම්බාබ්වේ ක්‍රීඩක ෂේන් විලියම්ස් සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් ජුනි මාසය සඳහා නිර්දේශිත සෙසු නම් අතරට ඇතුළත්ව තිබේ.

සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් වනිඳු මෙලෙස දක්ෂතම ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාමයන් අතරට ඇතුළත් වී තිබේ.

එම තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා වෙමින් ඔහු විසින් බිඳ හෙළා ඇති කඩුළු සංඛ්‍යාව 20කි.

Share.

Comments are closed.