Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Employment»නූතන ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් කෙටුම්පත් කෙ​රේ
Employment

නූතන ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් කෙටුම්පත් කෙ​රේ

Stanly KularathnaBy Stanly KularathnaJuly 8, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නූතන ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කිරිමෙන් පසුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මාධ්‍යයට අදහස් දැක්වූ අතර කම්කරු නීති පද්ධතියට ඇතුලත් කිරීමට යෝජිත පහත දැක්වෙ​න නීති රීති හා වෙනස්කම් පිළිබඳ​ව ඔහු විසින් හෙලි කොට සිටියා.

  • සේවයට බඳවා ගැනීමේ දී හෝ සේවා ස්ථානය තුළ හෝ සේවා නියුක්තිකයෙකු වෙනස් කොට සැළකීම (Discrimination) වැළැක්වීමේ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.
  • රැකියා ස්ථානයේ සියළු ආකාරයේ හිරිහැර කිරීම් හා ලිංගික හිංසනය වැළැක්වීමට අදාළ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.(ප්‍රචණ්ඩත්වය හා හිංසනය පිළිබඳ අංක 190 දරන ජාත්‍යන්තර සම්මුතිය​  අනුගමනය කිරීම​ට මෙම ප්‍රතිපාදන ඇතුළත් කිරීම මඟින් හැකියාව ලැබීම)
  • සේවා නියුක්තිකයිගේ වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය, සුබසාධනය පිළිබඳ නව නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීම (OSH)(වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය, සුබසාධනය පිළිබඳ අංක 155 දරන ජාත්‍යන්තර සම්මුතිය අනුගමනය කිරීම​ට මෙම ප්‍රතිපාදන ඇතුළත් කිරීම මඟින් හැකියාව ලැබීම)
  • පාරිතෝෂික ගෙවීමේ දී දැනට පවතින අවුරුදු 5ක සේවා කාලය සහ සේවකයින් 15ක් සිටීමේ සීමාව ඉවත් කර වර්ෂයකට දින 180ක් සේවය කරනු ලබන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස ½ක පාරිතෝෂිකයක් ගෙවීමට නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.
  • කර්මාන්තශාලාවක හෝ කාර් මික ව්‍යාපාරයක රාත්‍රී සේවයේ නියුක්ත වන කාන්තාවන්ට පමණක් නොව සෑම සේවා නියුක්තිකයෙකුටම පැයට ගෙවන ගෙවීම මෙන් පැය එකහමාරක ගුණයක ගෙවීමක් කර සේවයේ යෙදවීම සඳහා නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.
  • පඩිපාලක සභා ආඥා පනතේ හා සාප්පු හා කාර්යාල පනතේ සේවා තත්ත්වයන් හා කොන්දේසි පිළිබඳව සඳහන් විධිවිධාන අතර ඇති විෂමතාවයන් ඉවත් කර සෑම සේවා නියුක්තිකයෙකුටම සමාන ආකාරයේ විධිවිධාන ඇති කිරීම.
  • අනියම් ස්වභාවයේ රැකියාවක නියුක්ත සේවා නියුක්තිකයින් හැර අනෙකුත් සියළුම සේවා නියුක්තිකයින් සඳහා සේවයට බඳවා ගන්නා අවස්ථාවේ දී සේවා තත්ත්වයන් හා සේවා කොන්දේසි ඇතුළත් කර පත් වීමේ ලිපියක් ලිඛිතව ලබා දීමට සේවායෝජකයෙකුට අනිවාර්යය කිරීම.
  • සේවා නියුක්තිකයින්ගේ කැමැත්ත අනුව දින 05 සතියක් හා නම්‍යශීලී වැඩ කරන වේලාවන් හඳුන්වා දීම.
  • යම් කොන්දේසි වලට යටත්ව කාන්තා සේවා නියුක්තිකයින් රාත්‍රී සේවයේ යෙදවීම සඳහා දැනට පවතින නීතියේ සඳහන් නෛතික ප්‍රතිපාදන ලිහිල් කිරීම.
  • අතිකාල වැඩ කරන පැය ප්‍රමාණය හා ගෙවිය යුතු ගණනයන් සම්බන්ධ ඒකාකාරී ක්‍රමයක් හඳුන්වා දීම.
  • අර්ධ කාලීන (Part time) රැකියා වල නියුක්ත වීමට අදාල නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.
  • පුහුණුවන්නන්, ආධුනිකයන් හා අධ්‍යාපනික ආයතන වල ඉගෙනුම ලබන ගමන් වැඩ කරන තැනැත්තන්ට අදාළ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.
  • පිතෘ නිවාඩු සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන ඇති කිරීම.
  • නිවසේ සිට වැඩ කරන සේවා නියුක්තිකයින්‌ගේ (Work from home) අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීම.
  • විදේශික සේවා නියුක්තිකයෙකු ශ්‍රී ලංකාවේ සේවය කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් හඳුන්වා දීම.
  • ගෘහ සේවය කම්කරු නීතියේ ආවරණයට ඇතුළත් කිරීම.
  •  පඩිපාලක සභා තීරණ මඟින් හා ව්‍යවස්ථාපිත නීතිය මඟින් අවම වැටුප් තීරණය කරන ක්‍රමය වෙනුවට ජාතික වේතන කවුන්සිලයක් හඳුන්වා දී එම ආයතනයට කාලීනව හා පිළිගත් නිර්ණායකයන් මත අවම වැටුප් තීරණය කිරීමට බලය පැවරීම.
  • සේවා නියුක්තිකයින් විසින් සිදු කරනු ලබන විෂමාචාර ක්‍රියාවන්ට අදාළ අවසාන විනය තීරණයන් නිශ්චිත කාලසීමාවක් තුළ ලබා දීමට සේවායෝජකයින්ට නීතිමය බැඳීමක් ඇති කිරීම.
  • සේවායෝජකයන් සිදු කරන අසාධාරණ කම්කරු පිළිවෙත් දැනට නීතියෙන් තහනම් කර ඇති ආකාරයට වෘත්තිය සමිති මඟින් සිදු කරන අසාධාරණ කම්කරු පිළිවෙත් ද නීතියෙන් තහනම් කල යුතු බවට ප්‍රතිපාදන හඳුන්වා දීම.
  • අසාධාරණ කම්කරු පිළිවෙත් පිළිබඳ ප්‍රතිපාදන උල්ලංගණය කිරීමේ දී දෙපාර්ශ්වයටම නඩු පැවරීමට අවස්ථාව ලබා දීම.   
  • වැටුපෙන් සාමාජික මුදල් අඩු කර වෘත්තීය සමිති වලට යැවීම සඳහා සේවායෝජකට අනිවාර්යය කිරීම.
  • වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා දැනට අවශ්‍ය අවම සාමාජික සංඛ්‍යාව 07 සිට 100 දක්වා  ඉහළ දැමීම.
  • වෘත්තීය සමිතියක විධායක සභාව සඳහා යම් 25% ප්‍රතිශතයක් කාන්තාවන්ගේ නියෝජනය අනිවාර්යය කිරීම.
  • වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෙර සේවායෝජකව දැනුවත් කිරීම හා වැඩ වර්ජනය කිරීම සඳහා සාමාජිකයිනගේ බහුතර කැමැත්ත ලබා ගැනීම පිළිබඳ ප්‍රතිපාදන.
  • යම් මාර්ගෝපදේශයන්ට යටත්ව සේවායෝජකට සේවා ස්ථාන රීති හඳුන්වා දීමට සහ එම සේවා ස්ථාන රීති සඳහා නෛතික බලයක් ලබා දීම.
  • දුර්වල කාර්යසාධනය, තාක්ෂණික දියුණුව ප්‍රතිව්‍යුහගත කිරීම හෝ ව්‍යාපාර ප්‍රතිසංවිධානය හේතුවෙන් රැකියා අතිරික්ත වන විට වන්දි ගෙවා සේවය අවසන් කිරීමට පවතින ක්‍රියාවලිය වඩා වේගවත් හා සරල කිරීම.
  • අමුද්‍රව්‍ය නොමැති කම, ඇණවුම් නොමැති කම, යන්ත්‍ර සූත්‍ර බිඳ වැටීම හෝ සේවායෝජකයාගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතු මත කෙටිකාලීනව සේවය නතර කිරීමට (Lay off) කම්කරු කොමසාරිස් ජනරාල්ගේ අවසරය ලබා ගැනීම.
  • සේවා නියුක්තිකයෙකු ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්ව යෑමේ දි මාසයකට කලින් සේවායෝජකව දැනුවත් කර සේවයෙන් ඉවත් වීමට අදාල ප්‍රතිපාදන ඇති කිරීම.
  • විශ්‍රාම යාමේ වයස නැවත සමාලෝචනය කිරීම.
  • සෑම වෘත්තියකට හෝ රැකියාවකට ගරුත්වයක් ඇති කිරීම සඳහා ඒ ඒ රැකියාවන් සඳහා අනුගමනය කළ යුතු ප්‍රමිතීන් හා සම්මතයන් හඳුන්වා දීම.
  • සමාජ ආරක්ෂණ රක්ෂණ අරමුදලක් මඟින් මාතෘ ප්‍රතිලාභ, සේවක සෞඛ්‍ය සහ විරැකියාවක දී වන්දි ලබා දෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සැකසීම.
  • සේවා නියුක්තිකයෙකුගේ කාර්යය සාධනය මැන බැලීම සඳහා සේවායෝජකට නෛතික බලයක් ලබා දීම. 
  • මිනිස්බල සැපයුම් ආයතන හා රැකියා නියෝජිත ආයතන නියමානුකූල කිරීම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දීම.
  • ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් වේතන (E- Wages System) ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීම.
Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මරීනා වලින් පිටවන රථවාහනව​ල ප්‍රමාදයන් අවම කෙ​රේ
Next Article පළමු මාස හයට රට විරුවෝ ඩොලර් මිලියන 2822ක් ය​වති
Stanly Kularathna

Related Posts

රජයේ ආදායම් කැපී පෙනෙන ලෙස ඉහලට

June 10, 2025

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.