ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරඟාවලිය නොමිලයේ නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව පවසයි.

ඒ අනුව ජුලි 16 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තර​ඟය මෙන්ම ජුලි මස 24 වනදා කොළඹ SSC පිටියේදී ඇරඹෙන දෙවන ටෙස්ට් තර​ඟයද නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇති.

මේ අතර අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ වනවිටත් එම තරඟාවලියේ තරග නැරඹීම සඳහා මුදල් ගෙවා ටිකට් පත් මිලදී ගත් පුද්ගලයින් වෙත අදාළ මුදල් නැවත ගෙවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි.

Share.

Comments are closed.