එළඹෙන ඉරිදා (ජූලි 16) පැවැත්වීමට නියමිත පාකිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරඟය සඳහා 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන තිබේ.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පළමු ටෙස්ට් තරගය සඳහා සංචිතය නම් කරන ලදී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට තෝරාගෙන ඇති අතර ඔහු ඩෙංගු රෝගයෙන් පෙළෙන බැවින් ඔහු ක්‍රීඩා නොකරන බවත්, ඒ අනුව ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමට ඇතුළත් කරන බවත්ය.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය පහතින්.

  • දිමුත් කරුණාරත්න – නායකයා
  • නිශාන් මධුෂ්ක
  • කුසල් මෙන්ඩිස්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • දිනේෂ් චන්දිමාල්
  • ධනංජය ද සිල්වා – උප නායක
  • පැතුම් නිශ්ශංක
  • සධීර සමරවික්‍රම
  • කමිඳු මෙන්ඩිස්
  • රමේෂ් මෙන්ඩිස්
  • ප්‍රභාත් ජයසූරිය
  • ප්‍රවීන් ජයවික්‍රම
  • කසුන් රාජිත
  • ඩිල්ෂාන් මධුශංක
  • විශ්ව ප්‍රනාන්දු
  • ලක්ෂිත මානසිංහ
Share.

Comments are closed.