කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණි.

අද සිට මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව කෘත්‍රීම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකිය.

මෙම වෙරළ තීරය දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වෙයි.

මෙම කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද ඉදිකර ඇත.

Share.

Comments are closed.