චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට ශ්‍රී ලංකා​වේ ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

අදාළ සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

සිනොපෙක් සමාගම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ කොළඹදී සිදු කෙරුණි.

Share.

Comments are closed.