ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථාන කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 461ක් රැස්කර ගැනීමට සමත් විය.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ සාවුද් ශකීල් නොදැවී ලකුණු 208ක් වාර්තා කිරීමට සමත් විය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 19ක් ඇතුළත් වි​ය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ​කඩුළු 5ක් දවා ගැනීමට සමත් වූ අතර ප්‍රභාත් ජයසූරිය කඩුළු 3ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 312කි.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 149කින් ඉදිරියෙන් සිටියි.

Share.

Comments are closed.