නැගී එන කණ්ඩායම් සඳහා ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕමාන A කණ්ඩායම සමග ඊයේ පැවැති තර​ඟය ලකුණු 217කින් ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා A පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 259ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා A පිල වෙනුවෙන් පසිදු සූරියබණ්ඩාර ලකුණු 60ක් රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී ඕමාන A පිල වෙනුවෙන් කඩුළු 4ක් දවා ගැනීමට අකීබ් ඉල්යාස් සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ඕමාන A පිල පන්දුවාර 17කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 42ක් පමණී.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා A පිල නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

Share.

Comments are closed.