Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Education»“අධ්‍යාපන කටයුතුවලදී දරුවන්ට ස්මාර්ට් ෆෝන් තහනම් කරන්න”: යුනෙස්කෝ සංවිධානයෙන් නිර්දේශයක්
Education

“අධ්‍යාපන කටයුතුවලදී දරුවන්ට ස්මාර්ට් ෆෝන් තහනම් කරන්න”: යුනෙස්කෝ සංවිධානයෙන් නිර්දේශයක්

ස්මාර්ට් ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිර්දේශ කර ඇත.
Stanly KularathnaBy Stanly KularathnaJuly 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) විසින් සකස් කරන ලද අංග සම්පූර්ණ වාර්තාවකින් හෙළි වූ අන්දමට දරුවන් ස්මාට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් ඔවුන්ගේ චිත්තවේගීය ස්ථාවරභාවය බිඳවැටීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගෙන මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

වැඩිපුර වේලාවක් ජංගම දුරකතනය දෙස බලා සිටීම හේතුකොට ගෙන දරුවන්ගේ මානසික යහපැවැත්මට අහිතකර බලපෑමක් සිදුවන බවත්, ස්මාර්ට් ජංගම දුරකතන අධ්‍යාපනය ලැබීමේ හැකියාව අවම කිරීමට හේතු වී ඇති බවත් යුනෙස්කෝව ප්‍රකාශ කරයි.

ඩිජිටල් තාක්ෂණය සහ “කෘත්‍රිම බුද්ධිය” සෑම විටම මිනිස් මනසේ ක්‍රියාකාරිත්වයට යටත්ව පැවතිය යුතු බව ත් “මිනිසා මූලික දර්ශනයක්” සහිත අධ්‍යාපනයක අවශ්‍යතාව මෙම ඩිජිටල් ජංගම දුරකතන තහනමෙන් පැහැදිලි වන බව ද එම සංවිධානය පෙන්වා දී ඇත.

සෑම විට ම අලුත් දේ හොඳම දේ නොවන බවත්, ප්‍රතිපත්ති සම්පාදකයන් වැඩිදුර නොසිතා “ඩිජිටල් තාක්ෂණය” අධ්‍යාපනයට යොදාගැනීම පිළිබඳ යුනේස්කෝ සංවිධානය සිය විරෝධය පළකොට ඇති බවත්, කිසිවක් කිරීමට හැකියාව පැවතීම එය අනිවාර්යයෙන් සිදුකළ යුතු යැයි නියමයක් නොවේ යැයි ද යුනෙස්කෝව පවසයි.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුවන හානි අවම කිරීමට සහ ඉන් වාසි ලබා ගැනීමට පැහැදිලි අරමුණු සහ ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට රටවල් යොමු විය යුතු බවත් ඉන් සිසුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ආරක්ෂා වේ යැයි ඔවුහු අවධාරණය කර ඇත. කොවිඩ් – 19 සමයේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අඛණ්ඩව සිදුකරගෙන ගිය අතර එය වාසිසහගත වූ බවත් ඔවුහු පවසති. ලොව පුරා බිලියන ගණනක් සිසුහු ඉන් වාසි ලැබූහ.

දරුවා සහ ගුරුවරයා අතර පන්ති කාමරය තුළ මුහුණට මුහුණලා සිදුවන සමීප සම්බන්ධය වටිනා බව පෙන්වාදෙන එම සංවිධානය, එහෙත් දරුවන් පාසලේ සිට නිවසට පැමිණෙන තෙක් මවුපියන් සමග සම්බන්ධතාව තබාගන්නේ ස්මාට් දුරකතනයෙන් බවත් ඒ නිසා මේ ගැටලුව ගැන තවදුරටත් සලකා දුරකතන පන්ති කාමරය තුළදී පමණක් භාවිතය තහනම් කළ යුතු බව බ්‍රිතාන්‍ය පාසල් සහ උසස් විද්‍යාල ලේකම් ජෙෆ් බාර්ටන් පවසා තිබේ.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි සහ සාජා අතර පාරුසේවා​ව (Ferry) අගෝස්තු 4 සිකුරාදා සිට නැවතත්
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජනපතිගේ සහෝදරයා අභාවප්‍රාප්ත වෙයි. දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කෙ​රේ
Stanly Kularathna

Related Posts

අබුඩාබියේ පාසල් සිසුන්ට ජංගම දුරකථන හා ස්මාර්ට් ඔර්ලෝසු ගෙන ඒම තහනම්

May 7, 2025

එමීර් රාජ්‍යය AI අනිවාර්ය පාසල් විෂයයක් බවට පත් කරයි

May 5, 2025

එමීර් රාජ්‍යය සිසුන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා සියලුම පාසල් බස් රථවල ගිනි නිවීමේ පද්ධති අනිවාර්ය කරයි

April 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.