කාන්තා කාර්ය මණ්ඩලයක් පමණක් සේවය සපය​න සිය 197 වැනි අවන්හල McDonald’s UAE විසින් විවෘත කොට තිබෙනවා. ඩුබායි හි Umm Suqeim 2 හි පිහිටා ඇති මෙම නව අලෙවිසැල සම්පූර්ණයෙන්ම කාන්තා ශ්‍රම බලකායක් විසින් මෙහෙයවනු ලබන අත​ර McDonald’s සන්නාමයේ එවන් ආකාරයේ ප්‍රථම අවන්හල වේ. නව අලෙවිසැල පැය 24 පුරා සිය පාරිභෝගිකයින්​ට සේවය සපයනු ලබනවා.

McDonald’s UAE හි ප්‍රධාන විධායක නිලධාරී Walid Fakih දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින්,

“අපේ ජනතාව​ට සහ අපේ ග්‍රහලෝකයට මුල්තැන දෙමින් මැක්ඩොනල්ඩ්ස්හි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙහෙයුම්  ක්‍රියාත්මක කරනු ලබන අතර Umm Suqeim හි නවතම අවන්හල නවෝත්පාදනය, තිරසාරභාවය ඇතුළු සියල්ල සමගින් ගෙන එයි. කාන්තාවන් සවිබල ගැන්වීම සහ ව්‍යාපාරයේ සෑම අංශයකම සමාන අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් අපි ඉමහත් ලෙ​ස ආඩම්බර වන්නෙමු. මෙම නව අවන්හල හරිත ග්‍රහලෝකයකට දායක වන අතරම අප කාන්තාවන්ගේ උනන්දුව සහ උද්යෝගය ප්‍රදර්ශනය කරමින් කාන්තා කුසලතා ඉහළ නැංවීමට කටයුතු කිරී​ම අපගේ කැපවීමේ කොටසක් වේ.

ආපනශාලාවේ අනෙකුත් ප්‍රධාන විශේෂතා අතරට අර්ධ වශයෙන් සූර්ය පැනල සහිත බල ප්‍රභවයක් සහ විද්‍යුත් වාහන ආරෝපණ ස්ථානයක්​ද ඇතුළත් වේ.

මැක්ඩොනල්ඩ්ස් ට්‍රක් රථ සඳහා, භාවිතා කරන ලද පිසින තෙල් ජෛව ඩීසල් බවට පරිවර්තනය කරමින් 2011 වස​රේ සිට ක්‍රියාත්මක වන BioDiesel වැඩසටහන මඟින් සමාගම වසර ගණනාවක් පුරා එහි කාබන් පියසටහන පියවා ගැනීමට කටයුතු කරයි.

නවතම අවන්හල තවත් ‘පළමු’ විශේෂාංගයක් වන අතර, ශාඛාව විසින් කර්බ්සයිඩ් ඇණවුම් කිරීම ද හඳුන්වා දී තිබෙනවා. එමගින් වැඩි පහසුව සඳහා, නම් කරන ලද වාහන නැවැත්වීමේ අවකාශයන්ගේ සිට ඩිජිටල් ලෙස ඇණවුම් කිරීමට පාරිභෝගිකයින්ට ඉඩ සලසයි.

අවන්හල එහි යෙදුම හරහා මෙන්ම Drive-thru හරහා ​ද ඇණවුම් භාර ගනී.

Share.

Comments are closed.