ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගියදා කොළඹ BMICH හි කැබින් කාර්ය මණ්ඩලය සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබුවා. එහිදී ගුවන් සේව​යේ කැබින් කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා අපේක්ෂකයන් අත​ර දැඩි උද්‍යෝගයක් පැවති බවයි වාර්තා වෙන්​නේ.

ශ්‍රී ලංකන්හි ආගන්තුක සත්කාර තානාපතිවරුන් වීමට අපේක්ෂා කරන උද්‍යෝගිමත් තරුණ අපේක්ෂකයින් 8000 කට අධික පිරිසක් මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කොට තිබූ අතර, ගුවන් සේවා කර්මාන්තයට සම්බන්ධ වීමට රටේ තරුණ තරුණියන් පොළඹවා ගැනීමට හැකිවීම තුලින් ගුවන් සේවයේ කැපවීම පිළිඹිබු කරයි.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේව​යේ ප්‍රකාශකයෙක් පැවසූ​යේ “ජාතික ගුවන් සේවය වශයෙන්, අපි රටේ තරුණ තරුණියන් ගුවන් සේවා කර්මාන්තයේ කොටසක් වීමට දිරිගැන්වීම ගැන ආඩම්බර වන අතර ගුවන් සේවය කෙරෙහි ඔවුන්ගේ ආදරය සහ පක්ෂපාතිත්වය නිසා නිහතමානී වෙමු.”

Share.

Comments are closed.