සෙනසුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හි පැවති අයහපත් කාලගුණයෙන් මෝටර් රථවලට හානි වූ පදිංචිකරුවන්ට සාජා පොලිස් යෙදුම හරහා හානි සහතිකයක් ලබා ගත හැකිය. යෙදුම හරහා තම වාහනවලට සිදුව ඇති හානිය පිළිබඳ නිල වශයෙන් ලේඛනගත කිරීමටත් එමගින් කාලගුණය සම්බන්ධ හානි සහතිකය ලබා ගැනීමටත් අවස්ථාව උදාවේ.

සහතිකය ලබා ගන්නා ආකාර​ය

  • සාජා පොලිස් යෙදුමේ, “Police Services” අයිකනය මත ක්ලික් කර “To Whom It May Concern Certificate” තෝරන්න.
  • පසුව පරිශීලකයා විසින් වාහනයේ හිමිකාරිත්වය සහ රක්ෂණ තොරතුරු සමඟ හානිය පිළිබඳ තොරතුරු, මෙන්ම සිද්ධියේ දිනය, ස්ථානය සහ පින්තූර ඇතුළුව අවශ්‍ය සියලුම විස්තර පෝරමය පිරවිය යුතුය.
  • සම්පුර්ණ වූ පසු, අයදුම්කරුවන්ට ඊමේල් හරහා ගනුදෙනු අංකය ලැබෙනු ඇත.
Share.

Comments are closed.