ප්‍රකාශයකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව (CBUAE) මුදල් හුවමාරු මධ්‍යස්ථාන දෙකක ඩිරාම් හුවමාරු බලපත්‍ර අවලංගු කර ඇති අතර, එහි නම් ලේඛනයෙන් ඉවත් කර ඇත. නියාමන අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහ මූල්‍ය විෂමාචාරවලට එරෙහිව සටන් කිරීමට කැපවීමේ කොටසක් ලෙස, රට තුළ ක්‍රියාත්මක වන මූල්‍ය ආයතන දෙකකට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව මෙ​ම තීරණාත්මක ක්‍රියාමාර්ග ගත්තේය.

තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක ප්‍රමුඛ හවාලාදාර් සමාගමක් වන RMB Commercial Brokers සමාගමේ ලියාපදිංචිය ද අවලංගු කර ඇත. මෙම පරිපාලන සම්බාධක, මූල්‍ය ආයතන සහ ක්‍රියාකාරී සංවිධානයන්​ට අදාළව 2018 අංක (14) දරණ ෆෙඩරල් නීතියේ 137 වැනි වගන්තියේ දක්වා ඇති නීතිමය විධිවිධානවලට අනුකූල වන අභියාචනා ක්‍රියාවලියක කොටසකි.

ඊට අමතරව, ඒවා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ නීතිවිරෝධී සංවිධානවලට මුදල් සැපයීම වැලැක්වීම සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කරන 2018 අංක (20) ෆෙඩරල් ආඥා පනතේ 14 වැනි වගන්තියට අනුකූල වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව විසින් සිදු කරන ලද සවිස්තරාත්මක විභාගවලදී, නියාමන විෂමාචාරයන්​ගේ බරපතල බ​ව හෙළිවී තිබෙනවා.

මේවාට මුදල් විශුද්ධිකරණය-විරෝධී (AML) උල්ලංඝනය කිරීම් සහ ඇතැම් නම් කරන ලද රටවල් සමඟ ප්‍රේෂණ ගනුදෙනුවල යෙදීමෙන් වැළකී සිටීම සඳහා හුවමාරු මධ්‍යස්ථාන සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුවෙහි පැහැදිලි උපදෙස් මඟ හැරීම ඇතුළු උල්ලංඝනයන් රාශියක් ඇතුළත් වේ.

“සොයාගැනීම්වලින් පෙනී ගියේ ඔවුන​ට දුර්වල අනුකූලතා රාමුවක් ඇති බවත්, ඔවුන්ගේ නියාමන වගකීම් වලට අනුකූල වීමට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව වෙත නියාමන කඩ කිරීම් වාර්තා කිරීමට අපොහොසත් වූ බවත්ය” යනුවෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Share.

Comments are closed.