ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහ​නේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට වනිඳු හසරංග​ගේ නායකත්වය දරණ බී-ලව් කැන්ඩි පිල සමත්ව තිබේ.

බී-ලව් කැන්ඩි පිල තරග 5කට සහභාග වී ඉන් තරග 3ක් ජයගෙන ප්‍රසාද ලකුණු 6ක් රැස්කර ගෙන තිබේ.

මෙම සටහනේ පළමු ස්ථානයේ රැදී සිටි දඹුල්ල අවුරා කණ්ඩායම මේ වන විට දෙවන ස්ථානය දක්වා පසුබැස ඇත.

දඹුල්ල අවුරා පිල තර​ඟ 5කට සහභාගි වී ඉන් තරග 3ක් ජයගෙනන ප්‍රසාද ලකුණු 6ක් රැස්කර ගෙන සිටී.

ජැෆ්නා කිංග්ස් ප්‍රසාද ලකුණු සටහන් තෙවැනි ස්ථානයේ රැදී සිටී.

ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන කලම්බෝ ස්ට්‍රයිකර්ස් සිව්වනි ස්ථානයේ රැදී සිටී. කලම්බෝ කණ්ඩායම තරග 5ක සහභාගි වී ඉන් ජයගෙන ඇත්තේ තර​ඟ 2ක් පමණී.

දසුන් ශානක​ගේ නායකත්වය දරණ ගෝල් ටයිටන්ස් පිල ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි.

Share.

Comments are closed.