එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජූනි මාසයේ සිට වලාකුළු වැපිරීමේ මෙහෙයුම් 22ක් සිදු කර ඇති අතර, මෑතකදී රට තු​ල ඇද හැලුණු වර්ෂාපතන​ය ඉහළ ගොස් ඇති බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) නිවේදනය කරනවා.

මෙම සති අන්තයේ රට තුළ තවත් වැසි අපේක්ෂා කෙරෙන අත​ර විශේෂයෙන් ෆුජයිරා සහ සාජා අතරත්, අල් අයින් සහ ඩුබායි අතරත් ඉහළ වර්ෂාපතන​යක් බලාපොරොත්තුවන බව NCM නිලධාරියෙක් පැවසීය.

“අපි සංවහන වලාකුළු ඇති සෑම වසරකම වලාකුළු බීජ කිරීමේ මෙහෙයුම් සිදු කරනවා. මෙය වර්ෂාපතන ප්‍රමාණය වැඩි කරයි. නමුත් මෙම මෙහෙයුම් වර්ෂාපතනයේ ප්‍රමාණය වැඩි කරන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය, එය වර්ෂාව ඇති නොකරයි,” ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ (NCM) ආචාර්ය අහමඩ් හබීබ් පැවසීය.

“ජූනි සිට අගෝස්තු 9 දක්වා අපි වලාකුළු වැපිරීමේ මෙහෙයුම් 22 ක් සිදු කර තිබෙනවා.”

වලාකුළු-බීජ වැපිරී​ම යනු වර්ෂාව නිපදවීමට වලාකුළක ධාරිතාව ඉහළ නැංවීමේ ක්‍රමයකි.

මෙම ක්‍රියාවලියට ප්‍රධාන වන්නේ සංවහන වලාකුළු හඳුනා ගැනීමයි. ඒවා​ට වර්ෂාව ඇති කිරීමේ හැකියාව නිසා මෙහෙයුම සඳහා පරිපූර්ණ වෙනවා. වර්ෂාපතනය වැඩි කිරීම සඳහා විශේෂ ගුවන් යානයක් මගින් මෙම වලාකුළු වලට ලුණු දැල් (salt flares) විදිනු ඇත.

වර්ෂ 1990 අගභාගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැසි වැඩිදියුණු කිරීමේ මෙහෙයුම් ආරම්භ වූ අතර එතැන් සිට සෑම වසරකම වලාකුළු වැපිරීමේ මෙහෙයුම්වල වැඩි වීමක් දක්නට ලැබේ.

සෙනසුරාදා දක්වා, වර ෂාපතනය හා සම්බන්ධ සංවහන වළාකුළු ඇතිවීමේ අවස්ථා පවතින බව හබීබ් පැවසීය. වැසි විවිධ තීව්‍රතාවයකින් යුක්ත විය හැකි අතර, දිවයිනේ සමහර ප්‍රදේශවල විටින් විට අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. විශේෂයෙන් නැගෙනහිර, දකුණ, සහ සමහර අභ්‍යන්තර ප්‍රදේශ සහ අල් ඩෆ්රා කලාපය දෙසට විහිදේ.

“ඇත්ත වශයෙන්ම, මෙම කාලසීමාවේදී, ඉන්දියානු මෝසම් වර්ෂාවෙන් අපගේ ප්‍රදේශවල ද බලපෑමක් තිබේ. මෙය විටෙක ශක්තිමත් වන අතර තවත් විටෙක දුර්වල වේ. නමුත් පසුගිය සතියේ මෙම බලපෑම ප්‍රබල විය.” NCM නිලධාරියා පැවසීය.

“ඉදිරි දින කිහිපය පුරාවට අපි ඉහළ වර්ෂාපතන​යක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ සති අන්තයේත් එවැනිම අවස්ථාවක් නැඟෙනහිර දෙසට බලපානු ඇතැයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

අන්තර් නිවර්තන අභිසාරී කලාපීය බලපෑම මෙම කාල සීමාව තුළ රට​ට බලපායි. දිවා කාලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ වැසි සහිත සංවහන වලාකුළු නිර්මාණය වීම අපේක්ෂා කෙරෙනවා.

පසුගිය සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වැසි කුණාටු ඇති වූයේ මන්දැයි පැහැදිලි කරමින් හබීබ් මෙසේ පැවසීය: “සාමාන්‍යයෙන් අඩු පීඩනය සමඟ සම්බන්ධ වන නැගෙනහිර ප්‍රවාහයේ බලපෑම රට යටතේ පැවතුනි. මෙය මතුපිට ස්ථරයේ සහ ඉහළ ස්ථරවල සිදු විය. මෙය ඕමාන් මුහුදෙන් සහ අරාබි මුහුදෙන් පැමිණ තෙත් වායු ස්කන්ධයක බලපෑමෙන් සිදු විය. අවසානයේ එය අපගේ ප්‍රදේශයට ළඟා විය.”

“එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නැඟෙනහිර ප්‍රදේශයෙන් සහ කඳුකරයේ මතුපිට ස්ථරයට ළඟා වීම ආරම්භ විය. මෙම සියලු පරාමිතීන් එක්ව නැගෙනහිරින් සහ දකුණේ ද සංවහන වලාකුළු ඇතිවීමට හේතු විය. මෙහි ඇති විශේෂිත ලක්ෂණය නම් මෙයින් තද සුළං ඇති වන අතර එය තද වැසි සහ හිම කැට පවා ඇති වේ” ඔහු වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.