බලධාරීන්ගේ නැවත නැවතත් අනතුරු ඇඟවීම් නොතකා, සමහර රියදුරන් තවමත් නිර්ලජ්ජිත ලෙස මාර්ග නීති නොසලකා හැරීම සිදුකරනවා. මේ අත​ර වඩාත්ම පොදු උල්ලංඝනයන් අතර වගකීම් විරහිතව තහනම් ප්‍රදේශවලින් (shoulder) වාහන ඉස්ස​ර කිරී​ම ඇතුලත් වෙනවා.

අබුඩාබි පොලිසිය පසුගියදා සමාජ මාධ්‍යයන්හි බෙදාගත් වීඩියෝවක, අබුඩාබි මාර්ගවල සවි කර ඇති කැමරාවල දර්ශන ඔස්සේ මංතීරු වෙනස් කිරීම සහ තහනම් ප්‍රදේශවලින් පසුකර යාමේ අන්තරායන් පෙන්නුම් කළේය.

එක් දර්ශණයක මෝටර් රථයක් වංගුවකට ළඟා වන විට පාරේ ධාවනයට තහනම් සීමා​ව දෙසට ගමන් කරන අතර වාහන පසුකර යන අයුරු දක්නට ලැබේ. තවත් දර්ශණයක මෝටර් රථයක් දිගු මෝටර් රථ පෙළක් මඟ හරිමින්, තහනම් සීමා​ව මත අනතුරුදායක ලෙස ධාවනය කරනු ද දක්නට ලැබේ.

අබුඩාබි පොලිසියේ රථවාහන සහ මුරසංචාර අධ්‍යක්ෂක මණ්ඩලය අවධාරණය කළේ මාර්ගයක තහනම් සීමා​ව හදිසි අවස්ථා සඳහා වෙන් කර ඇති බවයි. ගිලන්රථ සහ අනෙකුත් වේගවත් ප්‍රතිචාර ඒකකයන්ට හැකි ඉක්මනින් ඔවුන්ගේ ගමනාන්ත වෙත යාමට මින් ඉඩ සලසයි. ඔවුන්ගේ සංචාරයන් සැමවිටම ජීවිතය සහ මරණය තීරණය කරනා බැවින් ඔවුන්ට ප්‍රමුඛත්වය ලබා දීම ඉතා වැදගත් වේ.

ඉස්සර කිරීම සඳහා තහනම් සීමා​ව භාවිතා කරන වාහන, හදිසි වාහන සඳහා පහසුවෙන් බාධාවක් විය හැකිය. මෙය ෆෙඩරල් රථවාහන නීතියේ 42 වැනි වගන්තියට අනුව ඩිරාම් 1,000 දඩයක් සහ කළු සළකුනු හයකින් දඬුවම් ලැබිය හැකි බරපතල උල්ලංඝනයකි.

Share.

Comments are closed.