Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ග්ලැඩියේටර්ස් පිළිමළුන් පිටුදැකීමේ වටයට
Events

ග්ලැඩියේටර්ස් පිළිමළුන් පිටුදැකීමේ වටයට

Stanly KularathnaBy Stanly KularathnaAugust 16, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලකුණු 38 ක් ඇතුළතදී කඩුළු 7 ක් බිම දැමූ තබ්රේස් ශම්සි (20/4) සහ සීකුගේ ප්‍රසන්න (14/3) දෙදෙනා LPL තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කැඳවාගෙන ගියහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තර​ඟයේදී ගෝල් ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ කඩුලු 8 ක පහසු ජයක් අත්කරගත්හ.

ශම්සි සහ සීකුගේ දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 74 කට සීමා වූ හෙයින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ඕවර 8.3 කදී අපේක්‍ෂිත ඉලක්කය පසුකර ගියහ.

මුළු ලකුණු සංඛ්‍යාව 19 ක්ව තිබියදී ග්ලැඩියේටර්ස් පිලේ භානුක රාජපක්‍ෂ සහ ලිටන් දාස් දෙදෙනාම දැවී ගියද, ලසිත් කෲස්පුල්ලේ (නොදැවී 42) සහ සකිබ් අල් හසන් (නොදැවී 17) එක්ව ගෝල් ග්ලැඩියේටර්ස් පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

පන්දු 69 ක් ඉතිරිව තිබියදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලබාගත් ජයග්‍රණය හේතුවෙන් කලම්බු ස්ට්‍රයිකගේ ශුද්ධ ලකුණු වේගය -1.215 දක්වා පහ​ත වැටිණ. එහි අනුයාත ප්‍රතිඵලය වූයේ කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවත් වෙමින්, ජැෆ්නා කිංග්ස් පිලට අවස්ථාව හිමිවීමයි.

කාසියේ වාසිය දිනාගත් ගෝල් ග්ලැඩියේටර්ස් නායක දසුන් ශානක කිසිම පැකිළීමකින් තොරව පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. පැතුම් නිස්සංක දෙවැනි ඕවරයේදීම දැවී ගිය නමුත් බාබර් අසාම් (06) සහ ළහිරු උදාර (4) ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

මුලු ලකුණු සංඛ්‍යාව 36 ක් ව තිබියදී නිපුන් ධනංජය දවාගත් තබ්රේස් ශම්සි එතැන් සිට කලම්බු ස්ට්‍රයිකර්ස් පිතිකරුවන් අසීරුතාවයට පත්කලේ​ය. වමතින් චයිනමන් පන්දු යැවූ ශම්සිට කදිම සහයෝගයක් දුන් දකුණත් පා දඟ පන්දු යවන්නා වන සීකුගේ ප්‍රසන්න, කඩුලු 3 ක් දවාගත්තේ කලම්බු ස්ට්‍රයිකර්ස් ඉනිම ලකුණු 74 කට සීමා කරමිනි.

කලම්බු ස්ට්‍රයිකර්ස් – ඕවර 15.4 කදී සියලු දෙනා දැවී 74 යි

(ළහිරු උදාර 14, නිපුන් ධනංජය 13, නුවනිඳු ප්‍රනාන්දු 14, මොහොමඩ් නවාස් 11, තබ්රේස් ශම්සි 20/4, සීකුගේ ප්‍රසන්න 14/3)

ගෝල් ග්ලැඩියේටර්ස් – ඕවර 8.3 දී කඩුලු 2 ක් දැවී 75 යි

(ලසිත් කෲස්පුල්ලේ නොදැවී 42, සකිබ් අල් හසන් නොදැවී 17)

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිවේදන​යක්
Next Article ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ දින 13 ක් තුළ මිලියන 3 කට අධික සංචාරකයින් පිළිගැනීමට සූදානම් වේ
Stanly Kularathna

Related Posts

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.