අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව (ADJD) පසුගියදා භාණ්ඩ විකිණීමේදී සිදු කරන වංචා පිළිබ​ඳ අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. සමාජ මාධ්‍යවල පළ කරන ලද සවිස්තරාත්මක වීඩියෝවක් හරහා, බලධාරීන් අනතුරු ඇඟවූ​යේ ව්‍යාජ ගැනුම්කරුවන්ගේ වංචනික ගනුදෙනු වලින් විකුණුම්කරුවන් ආරක්ෂා වන ලෙසයි.

මෙම වීඩියෝව හරහා බලධාරීන් පැහැදිලි කළේ සාමාන්‍යයෙන් වෙබ් පිටු හරහා පලකරන දැන්වීම් ඔස්​සේ විකුණ​න, හිමිකම් ඔප්පුවක් නොමැති බයිසිකල් හෝ උපාංග සහ වෙනත් භාණ්ඩ විකුණුම්කරුවන් ඉලක්ක කරන බවයි.

සාමාන්‍යයෙන් ගැනුම්කරු වංචා ගනුදෙනුව සිදුකරන ආකාරය මෙ​සේ විස්තර කෙරේ

  1. ව්‍යාජ ගැනුම්කරු ගිණුමක් නිර්මාණය කිරීම
  2. ව්‍යාජ මූල්‍ය උපකරණ (චෙක්පත් වැනි) මගින් නිල නිවාඩු දිනවල නිෂ්පාදන මිලදී ගැනීම
  3. කැමරා සහ අධීක්ෂණ උපාංගවල දෘශ්‍ය සීමාවෙන් බැහැරව නිෂ්පාදන එකතු කිරීම

මේ ආකාරයට සිදුවන ව්‍යාජ ගනුදෙනුව නිල නිවාඩු හේතුවෙන් විකුණුම්කරුට බැංකුව සමග සත්‍යාපනය කිරීමට නොහැකි වනු ඇත.

මෙය වළක්වා ගත හැකි ක්‍රම කිහිපයක් බලධාරීන් විසින් හඳුන්වා දී තිබේ:

  • බැංකු නිවාඩු දිනවල ගනුදෙනු සිදු නොකරන්න
  • සම්පූර්ණ මුදල ලැබී නොමැති නම් භාණ්ඩ​ය ගැනුම්කරු වෙත ලබා නොදිය යුතුය
Share.

Comments are closed.