ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් La Mer සිට Al Sufouh දක්වා එහි විදුලි බස් රථවල නොමිලේ ගමන් කලහැකි බව සංචාරකයින්ට මතක් කර දුන්නේය.

මෙම මුලපිරීම La Mer සිට Al Sufouh දක්වා ක්‍රියාත්මක වන විදුලි බස් අත්හදා බැලීමේ සේවාවේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.

අධිකාරිය පසුගියදා මේ පිළිබඳව සිය නිල සමාජ මාධ්‍ය පිටුවේ වීඩියෝවක් හරහා විස්තර ලබා දුන්නේය. “#RTA හි නව සහ තිරසාර තාක්‍ෂණය ඔබව La Mer සිට Al Sufouh දක්වා විවිධ නැවතුම් සහිත විදුලි බස් රථ හරහා නොමිලේ ගමන් කරයි. මෙම සේවය ලබාගෙන ගමන භුක්ති විඳින්න!” ශීර්ෂ පාඨයේ සඳහන්ව ඇත.

Share.

Comments are closed.