Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»බංග්ලාදේශය​ට ලකුණු 89 ක ජයක්
Events

බංග්ලාදේශය​ට ලකුණු 89 ක ජයක්

Stanly KularathnaBy Stanly KularathnaSeptember 4, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අතර පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සිවුවැනි තරගයෙන් ලකුණු 89 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 335 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථානයට ඕවර 44.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 245 ක් පමණි. මෙම ජයත් සමග තවදුරටත් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සඳහා බලාපොරොත්තු රඳවාගැනීමට බංග්ලාදේශයට හැකි විය.

එළබෙන 5 වැනිදා ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ලාහෝර්හිදී පැවැත්වෙන තර​ඟයේදී ශ්‍රී ලංකාව ජය ලැබුවහොත් ශ්‍රී ලංකාව සමගින් බංග්ලාදේශයද සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත. ඉන් ශ්‍රී ලංකාව පරාජය වුවහොත් කණ්ඩායම් 3 ම එක් තර​ඟය බැගින් ජයගන්නා බැවින් ඉහළම ශුද්ධ ලකුණු වේගයන්ට හිමිකම් කියන කණ්ඩායම් දෙක සුපිරි 4 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්රාන් පන්දු 74 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 75 ක් රැස්කළ අතර නායක හෂ්මතුල්ලා ශහිදි පන්දු 60 කින් ලකුණු 51 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහමඩ් ලකුණු 44 කට කඩුලු 4 ක් දවාගත් අතර බංග්ලාදේශයේ ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 36 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 334 ක් ලබාගත් අතර මෙහෙදි හසන් (12) සහ නර් මුල් ශැන්ටෝ (104) ශතක ලබාගනිමින් බංග්ලාදේශ ඉනිම සවිමත් කළහ. පන්දු 19 කදී වාර් තා වූ හසන්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර පන්දු 105 කට මුහුණදුන් නර් මුල් හයේ පහර 2 කින් සහ හයේ පහර 9 කින් සිය ඉනිම සැරසුවේය.

ලකුණු 63 කට කඩුලු 2 ක් දැවී යෑමෙන් අනතුරුව නර් මුල් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 190 කදී ලකුණු 194 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මෙහෙදි හසන් සමත් විය. බංග්ලාදේශ ඉනිම නිමාවට පත්වන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටි නායක සකිබ් අල් හසන් පන්දු 18 කින් නොදැවී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

බංග්ලාදේශය – ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 334

(මොහොමඩ් නයීම් 28, මෙහෙදි හසන් 12, නර් මුල් ශැන්ටෝ 104, මුස්ෆිකුර් රහීම් 25, සකීබ අල් හසන් නොදැවී 32)

ඇෆ්ඝනිස්ථානය – ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 245

(ඊබ්‍රහීම් සද්රාන් 75, රාමට්ෂා 33, හෂ්මතුල්ලා ශහිදි 51, නජිබුල්ලා සද්රාන් 17, ගුලාව්දීන් නයිබ් 15, රෂීඩ් ඛාන් 24, ටස්කින් අහමඩ් 44/4, ෂොරිෆුල් ඉස්ලාම් 36/3)

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමේ වස​රේ UAEහි අන්තර්ජාල මිලදී ගැනීම් ඩිරාම් බිලියන 100 ඉක්මවයි
Next Article UAEහි, ශ්‍රී ලාංකීය වෘත්තීයවේදී සංගමය​ට නව නිලධාරී මඩුල්ල තේරී පත්වෙයි
Stanly Kularathna

Related Posts

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.