Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»MoHRE»UAEහි, සේවකයින් සඳහා නව සේවා අවසන් ප්‍රතිලාභ ක්‍රමවේ​දයක් නිවේදනය කරයි
MoHRE

UAEහි, සේවකයින් සඳහා නව සේවා අවසන් ප්‍රතිලාභ ක්‍රමවේ​දයක් නිවේදනය කරයි

Stanly KularathnaBy Stanly KularathnaSeptember 5, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය, පුද්ගලික අංශයේ සහ නිදහස් කලාපවල සේවකයින්ට ඔවුන්ගේ සේවා අවසන් ප්‍රතිලාභ ආයෝජනය කිරීම සඳහා නව ක්‍රමයක් හඳුන්වා දී ඇත. සේවකයන් මීට සම්බන්ධ වීම විකල්පයක් ලෙස පවතිනු ඇත.

මේ සඳහා, මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් සුරැකුම්පත් සහ වෙළඳ අධිකාරිය විසින් අධීක්ෂණය කරනු ලබන ඉතුරුම් සහ ආයෝජන අරමුදල් පද්ධතියක් පිහිටුවනු ඇත. සේවකයින්ගේ සේවා අවසන් ප්‍රතිලාභ මෙම අරමුදලේ ආයෝජනය කෙරෙන අතර විකල්ප කිහිපයක් ඉදිරිපත් කෙරේ.

මෙම නිවේදනය එලිදැක්වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලකයා වන අති ගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති කැබිනට් රැස්වීමක් අතරතුරදී​ය.

“ඉලක්කය වන්නේ කම්කරුවන්ගේ ඉතුරුම් ආරක්ෂා කිරීම සහ ඔවුන් ආරක්ෂිතව ආයෝජනය කිරීම සහතික කිරීමයි” යනුවෙන් ෂෙයික් මොහොමඩ් පැවසීය. “එය ඔවුන්ගේ පවුල්වල​ට ස්ථාවරත්වය ලබා දෙන අතරම ඔවුන්ගේ අයිතිවාසිකම් සහතික කරනු ඇත.”

රාජ්‍ය සේවකයින්ට ද මෙම යෝජනා ක්‍රමයට සහභාගී විය හැකි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින්ට ඔවුන් විශ්‍රාම යන විට පාරිතෝෂිත මුදලක් ලැබේ. අඛණ්ඩ සේවයේ වසරක් හෝ ඊට වැඩි කාලයක් ගත කරන අයට මෙම සේවා අවසන් ප්‍රතිලාභය හිමි වේ.

ප්‍රවීණයන් බොහෝ විට අවධාරණය කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන් විශ්‍රාම අරමුදලක් ලෙස ඔවුන්ගේ පාරිතෝෂිකය මත යැපෙන ආකාරය ප්‍රමාණවත් නොවන බවයි.

පසුගිය මාසයේදී ඉතුරුම් සහ ආයෝජන සමාගමක් වන National Bonds ප්‍රකාශ කළේ එහි වාර්ෂික දර්ශකයට අනුව 82%ක් සේවකයින් ඔවුන් වෙනුවෙන් ආයෝජනය කරන පාරිතෝෂිත දීමනා සඳහා විවෘතව සිටින බවයි. 2022 දී ඩුබායිහි රාජ්‍ය දෙපාර්තමේන්තු වල සේවය කරන විදේශිකයන් සඳහා සේවා අවසන් ඉතුරුම් යෝජනා ක්‍රමයක්​ද ප්‍රකාශයට පත් කළේය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාසල් බස් රථ සඳහා නීති, උල්ලංඝනයන් හා වගකීම් හඳුන්වාදෙයි
Next Article සුපිරි වාහන අංක තහඩු ඩිරාම් මිලියන 50 කට ආසන්න මුදලකට අලෙවි ​වේ
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.