රසල්කයිමා ප්‍රවාහන අධිකාරිය (RAKTA) සහ පරිසර ආරක්ෂණ හා සංවර්ධන අධිකාරිය (EPDA) රසල්කයිමාහි පාරිසරික තිරසාරත්වය ඉහල නැන්වීම සඳහා ​එහි වායු තත්ත්ව අධීක්ෂණ සංවේදක නියමු ව්‍යාපෘතියක් දියත් කර ඇත. මෙම පියවර පදනම් වී ඇත්තේ රසල්කයිමා රජයේ 2030 දැක්ම, 2023 තිරසාර වසර සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම වසර අගදී සත්කාරකත්වය සපයන COP28 සමුළුවට සමගාමීවයි.

මේ සම්බන්ධයෙන්, රසල්කයිමා ප්‍රවාහන අධිකාරිය (RAKTA) සහ පරිසර ආරක්ෂණ හා සංවර්ධන අධිකාරිය (EPDA) උපාය මාර්ගික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඒකාබද්ධ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. වායු තත්ත්ව ක්‍රමෝපාය අධ්‍යයනය කිරීම, පාරිසරික දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඒකාබද්ධ ප්‍රජා මුල පිරීම්, දත්ත හා දැනුම හුවමාරු කර ගැනීම, පාරිසරික ක්ෂේත්‍රයේ දෙපාර්ශවයේම අත්දැකීම්වලින් ප්‍රතිලාභ ලබා ගැනීම ඇතුළු වැදගත් කරුණු රැසක් ගිවිසුමට ඇතුළත් ​වේ.

රසල්කයිමාහි පොදු ප්‍රවාහන බස්රථ භාවිතා කරමින් දවස පුරා විවිධ වේලාවන්හි සහ ස්ථානවල කිලෝමීටර් 86 ක් පුරාවට එළිමහන් සහ අභ්‍යන්තර වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ තත්‍ය කාලීන දත්ත ලබාගැනීම මෙම ​ව්‍යාපෘතියේ අරමු​ණ වේ.

රසල්කයිමා ප්‍රවාහන අධිකාරියෙහි අධ්‍යක්ෂ ජනරාල් Esmaeel Hassan Al Blooshi පැවසුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මට්ටමින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ “මෙවැනි ආකාරයේ පළමු පියවර” මෙය වන අතර ප්‍රවාහන සීමාවන්හි පාරිසරික පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා රසල්කයිමා ප්‍රවාහන අධිකාරිය (RAKTA) සහ පරිසර ආරක්ෂණ හා සංවර්ධන අධිකාරිය (EPDA) විසින් ඒකාබද්ධව දරන අඛණ්ඩ උත්සාහයේ කොට​සක් බවයි.

මුලපිරීම අතරතුර, පොදු ප්‍රවාහන අවට පරිසරයේ වාතයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීම සඳහා ස්මාර්ට් සංවේදක ස්ථාපනය කරනු ලබන අතර, එමඟින් බස් රථයේ ගමන් කිරීමේදී සහ එක් එක් නැවතුම්වලදී වාතයේ ගුණාත්මකභාවය මනිනු ලැබේ.

වාතයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, කාබන් විමෝචනය සහ අනෙකුත් තොරතුරු ඇතුළු විචල්‍යයන් පිළිබඳ දවස පුරා තත්‍ය කාලීන දත්ත රැස් කිරීමේ හැකියාව මෙම ස්මාර්ට් සංවේදක වල​ට ඇති බව Al Blooshi වැඩිදුරටත් සඳහන් කළේය.

පරිසර ආරක්ෂණ හා සංවර්ධන අධිකාරි​යේ අධ්‍යක්ෂ ජනරාල් Dr Saif Al Ghais ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතියදී භාවිත කරන මෙම සංවේදක විවිධ කාලගුණ දර්ශක සහ කාබන් විමෝචනය පිළිබඳ තත්‍ය කාලීන දත්ත සපයන බැවින් නිවැරදි විද්‍යාත්මක දත්ත මත පදනම්ව උපාය මාර්ග සංවර්ධනය කිරීමට සහ අධ්‍යයනයන් සිදු කිරීමට උපකාරී වන බවයි.

Share.

Comments are closed.