Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Health»UAEහි, රසදිය මගින් ක්‍රියාත්මක වන උෂ්ණත්වමාන, රුධිර පීඩන උපාංග ආනයනය, භාවිතය තහනම් කරයි
Health

UAEහි, රසදිය මගින් ක්‍රියාත්මක වන උෂ්ණත්වමාන, රුධිර පීඩන උපාංග ආනයනය, භාවිතය තහනම් කරයි

Stanly KularathnaBy Stanly KularathnaSeptember 12, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැබිනට් මණ්ඩලය 2023 අංක 90 දරන යෝජනාව, වෛද්‍ය සහ රසායනාගාර මිනුම් උපකරණ සඳහා අනිවාර්ය අවශ්‍යතා සඳහා වන තාක්ෂණික රෙගුලාසි සම්බන්ධයෙන් නිකුත් කොට ති​බේ.

සෞඛ්‍ය පහසුකම්වල වෛද්‍ය භාවිතය සඳහා රසදිය උෂ්ණත්වමාන සහ රසදිය රුධිර පීඩන උපාංග ආනයනය කිරීම සහ භාවිතය මෙම යෝජනාව මගින් තහනම් කර ඇත. එය එක් වරකට වඩා සිරින්ජර භාවිතා කිරීම ද තහනම් කරයි.

ආනයනය කරන ලද ඕනෑම වෛද්‍ය හෝ රසායනාගාර මිනුම් උපකරණ නිසි බලධාරීන් විසින් අනුමත කරන ලද සත්‍යාපන ක්‍රමවලට යටත් විය යුතු අතර, සිදුවිය හැකි අවදානම් මඟහරවා ගැනීම සඳහා සම්මත වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂණ ප්‍රමිතීන් සපුරාලිය යුතු බව ද එය පෙන්වා දෙයි.

මෙම යෝජනාව රටේ සෞඛ්‍ය පහසුකම්වල භාවිතා වන නීතිමය මිනුම් උපකරණ සඳහාද අදාළ වේ.

ඩිජිටල් වෛද්‍ය උෂ්ණත්වමාන, විද්‍යුත් වෛද්‍ය උෂ්ණත්වමාන, යාන්ත්‍රික වෛද්‍ය රුධිර පීඩන මොනිටර, ස්වයංක්‍රීය රුධිර පීඩන මොනිටර, රසායනාගාර පිපෙට්ටු සහ ප්ලාස්ක්, ඝනත්ව මීටර, බියුරෙට්ටු ඇතුළු මෙම අරමුණු සඳහා ආනයනය කරන ලද හෝ නිෂ්පාදනය කරන ලද උපකරණ සඳහාද සිරින්ජ​ර හා සම්මත සහතික කළ යුතු මිනුම් උපකරණ​ද මීට ඇතු​ලත් වේ.

තීරණයේ සඳහන් වෛද්‍ය සහ රසායනාගාර උපකරණවල දේශීය නිෂ්පාදකයා හෝ සැපයුම්කරු මෙම සියලු මෙවලම් අවශ්‍යතාවලට අනුකූල වීම සඳහා වගකිව යුතු බව යෝජනාව පවසයි.

වෛද්‍ය සහ රසායනාගාර මෙවලම් සඳහා වලංගු සත්‍යාපනයක් හෝ ක්‍රමාංකන සලකුණක් නොලබන්නේ නම් ඒවා භාවිතා කිරීම සඳහා ද ඒවා භාවිතා කරන්නා වගකිව යුතුය.

2023 සැප්තැම්බර් 25 දින සිට මෙම නීතිය බලපැවැත්වෙන බැවින්, මාස 6ක් ඇතුළත මෙම යෝජනාවේ විධිවිධානවලට අනුකූලව කටයුතු කරන ලෙස සැපයුම්කරුවන්ට උපදෙස් දෙනු ලැබේ.

සත්‍යාපනය හෝ ක්‍රමාංකනය කල උපකරණයක්, මිනුම් ප්‍රතිඵලයට බලපාන කොටසක නඩත්තු කරන්නේ නම් හෝ අලුත්වැඩියා කරන්නේ නම් වෛද්‍ය හා රසායනාගාර මිනුම් මෙවලම සත්‍යාපනය හෝ ක්‍රමාංකන කාල සීමාවේ වලංගු භාවය නැති ව​න බව තීරණයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ආනයනික වෛද්‍ය සහ රසායනාගාර උපකරණ සඳහා සත්‍යාපනය හෝ ක්‍රමාංකන මෙහෙයුම් සිදු කිරීමට හෝ තීරණයෙහි දක්වා ඇති එවැනි කාර්යයන් සහ බලතල ඉටු කරන්න​ට කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍යාංශය හැර වෙනත් අමාත්‍යාංශයක් විසින් බලය පවරන ලද ෆෙඩරල්, ප්‍රාදේශීය හෝ පෞද්ගලික හෝ වේවා කිසිදු රාජ්‍ය ආයතනයකට ඉඩ නොදෙන බව ද තීරණයේ පෙන්වා දෙයි.

වෛද්‍ය සහ රසායනාගාර මිනුම් මෙවලම්, මිනුම් පද්ධතියට බලපාන පරිදි තීරණයේ දක්වා ඇති අවශ්‍යතා සපුරාලන්නේ නැති බව අනාවරණය වුවහොත්, කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍යාංශය විසින් ලබාදී ඇති අනුකූලතා සහතිකය ඉල්ලා අස්කර ගැනීම ඇතුළුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වේ. අනුකූලතා සහතික තිබියදීත්, එහි තත්ත්වයන් නිවැරදි නොකළහොත් එය වෙළඳපොළෙන් සහ භාවිතය සීමා කිරීමට කටයුතු සිදුකෙ​රේ.

එපමණක් නොව, මෙම තීරණයෙහි අඩංගු මෙම මෙවලම් රටේ බලාත්මක වන තාක්ෂණික රෙගුලාසි හෝ වෙනත් නීතිවල දක්වා ඇති අනිවාර්ය අවශ්‍යතාවලට අනුකූල වන බව සහතික කිරීම සඳහා අමාත්‍යාංශයේ පරීක්ෂකවරුන්ට, බලයලත් ආයතනවලට හෝ නිසි බලධාරීන්ට වෙනත් පරීක්ෂණ පැවැත්වීමට මෙම තීරණය ඉඩ දෙයි.

කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍යවරයා, නිසි බලධාරියා සමඟ සම්බන්ධීකරණයෙන් මෙම යෝජනාවේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තීරණ නිකුත් කළ යුතුය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකටාර් රාජ්‍යයේ හා ඩුබායිහි රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචාක​ල වංචාකරුවන් අත්අඩංගුවට
Next Article එමිරේට්ස් වෙතින් ඩුබායි සංචාරකයින්ට පෙර සූදානම් කළ වීසා විකල්ප
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.