Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ශ්‍රී ලංකාව අවසන් මහ තර​ඟය​ට
Events

ශ්‍රී ලංකාව අවසන් මහ තර​ඟය​ට

Stanly KularathnaBy Stanly KularathnaSeptember 15, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ආසියානු කුසලාන තරඟාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තීරණාත්මක තර​ඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 2 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, තර​ඟාවලියේ අවසන් මහ තර​ඟයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව ලබන ඉරිදා (17 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තර​ඟයේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තර​ඟ බිමට පිවිසීමට නියමිතය.

වර්ෂාව හේතුවෙන් තර​ඟයේ ඉනිමක් ඕවර 42 කට සීමා කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 252 ක ඉලක්කයක් හිමිවිය. කඩුලු 8 ක් දැවී තර​ඟයේ අවසන් පන්වේදී එම ඉලක්කය සපුරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, පසුගිය වර (2022) අනුශූරයන් ගෙදර යවමින් 12 වැනි වරටත් අසියානු කුසලාන අවසන් මහ තර​ඟයකට සුදුසුකම් ලැබූහ. පන්ඳු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 49 ක් රැස්කළ චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

යළිත් වරක් ශතකය පෙනි පෙනී දැවී ගිය නමුත් සිය වගකීම අකුරටම ඉටුකළ කුසල් මෙන්ඩිස්, පන්ඳු 87 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 91 ක් රැස්කරමින් තර​ඟයේ වීරයා බවට පත් විය. පැතුම් නිස්සංක (29) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්ඳු 60 කදී ලකුණු 57 ක්ද, සදීර සමරවික්‍රම (48) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්ඳු 98 කදී ලකුණු 100 ක්ද එක්කළ මෙන්ඩිස් ජයග්‍රහණ​යේ අඩිතාලම දැමුවේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්ඳුවට පහරදුන් පාකිස්තානය ඕවර 42 ක් අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 252 ක් ලබා ගත්තේය. එහිදී ලකුණු 130 කට කඩුළු 5 ක් දැවී ගොස් බිඳවැටී තිබූ පාකිස්ථාන ඉනිම ගොඩගත් මොහොමඩ් රිස්වාන් (නොදැවී 86) සහ ඉෆ්තිකර් අහමඩ් (47) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 78 කදී ලකුණු 108 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූහ.

ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටි රිස්වාන් පන්ඳු 73 කදී වාර්තා වූ සිය අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සැරසුවේය. පන්ඳු 40 කදී වාර්තා වූ ඉෆ්තිකර් ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. මතීෂ පතිරණගේ පන්ඳුවක් හමුවේ දසුන් ශානක අතට උඩ පන්ඳුවක් දෙමින් ඉෆ්තිකර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 9 ක්ව තිබියදී ආරම්භක පිතිකරු ෆකාර් සමාන් (4) පිටියෙන් ඉවත් කිරීමට ප්‍රමෝද් මධුෂාන් සමත් වුවද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්ඳු 70 කදී ලකුණු 64 ක් එක් කළ අබ්දුල්ලා ශෆීක් (52) සහ නායක බාබර් අසාම් (29) පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්ඳු 69 කදී වාර්තා වූ ශෆීක්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ඉන්දියාවට එරෙහිව පැවැති තර​ඟයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහ වේග පන්ඳු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට ප්‍රවේගකාර පිතිකරු කුසල් පෙරේරා සහ වේග පන්ඳු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවා සිටියහ.

පාකිස්තාන කණ්ඩායම වෙනස්කම් 5 ක් සමග මෙම තර​ඟයට ක්‍රීඩා කළ අතර එහිදී ඉමාම් උල්හක්, අගා සල්මාන්, ෆාහීම් අෆ්, නසීම්ෂා සහ හාරිස් රවුෆ් වෙනුවට අබ්දුල්ලා ශෆීක්, මොහොමඩ් හාරිස්, මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම් සහ සමාන් බාන් පාකිස්තානය කණ්ඩායමට ඇතුළත්ව සිටියහ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිදේශගත වීමට බලාපොරොත්තු වන කාන්තාවන් ඔවුන්ගේ බාලවයස්කාර දරුවන් පිළිබඳ වාර්තාවක් සැපයිය යුතුයි
Next Article ශ්‍රී ලාංකිකයන්​ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා – කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයා සහතික වෙයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.