Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ශ්‍රී ලාංකිකයන්​ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා – කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයා සහතික වෙයි
Foreign Employment

ශ්‍රී ලාංකිකයන්​ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා – කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයා සහතික වෙයි

Stanly KularathnaBy Stanly KularathnaSeptember 15, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොරියාවේ කම්කරු සහ රැකියා අමාත්‍යවරයා සහ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතර එක​ඟතාවයන් රැසකට පැමිණ තිබෙනවා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ නව රැකියා ක්ෂේත්‍රයන් විවෘත කිරීමටත්, ලබාදෙන කොරියානු රැකියා ප්‍රමාණය ඉහළ දැමීමටත් අවශ්‍ය පියවර ගන්නා බවට කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍ය Lee Jung-Sik මහතා, අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ආරාධනය පරිදි කොරියනු රජයේ කම්කරු සහ රැකියා අමාත්‍ය Lee Jung-Sik මහතා දෙදින නිල සංචාරයක් සදහා ඊයේ උදෑසන ලංකාවට පැමිණි අතර විදේශ රැකියා ප්‍රවර් ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් ගුවන්තොටුපොලේදී කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයා පිළිගනු ලැබීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී අමාත්‍යවරුන් දෙදෙනා අතර වන නිල හමුව පැවති අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීම සම්භන්ධයෙන් මෙහිදී දීර් ඝ වශයෙන් සාකච්ඡා විය. වසර විස්සකට පසුව කොරියාවේ ඊ.පී.එස්. ක්‍රමවේදය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදු කරන බවද, ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවද කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයා සහතික විය.

ඇ​ඟලුම් ක්ෂේත්‍රය, සාත්තු සේවක ක්ෂේත්‍රය, වැනි නව රැකියා ක්ෂේත්‍රයන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත කරන ලෙසට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර එයට කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍යවරයාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් හිමිවිය.

කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ස​ඳහා විශාල ශ්‍රමිකයින් පිරිසක් අවශ්‍ය බවත්, ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ඒ සදහා වැඩි අවස්ථා විවෘතවී තිබෙන බවද මෙහිදී හෙලිවිය. මේ වන විට කොරියාවේ රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හමුවීමට අමාත්‍ය Lee Jung-Sik කටයුතු කර තිබූ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සේවා තත්වයන් ඔහුගේ අගය කිරීමටද ලක්විය.

දෙරට අතර වන ද්වි පාර් ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට ඉදිරියේදී ගනු ලබන සෑම පියවරකටම පූර් ණ සහාය ලබාදීමටද අමාත්‍ය Lee Jung-Sik වැඩිදුරටත් සහතික විය.

මෙම අවස්ථාවට කොරියානු කම්කරු හා රැකියා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මෙරට කොරියානු තානාපතිනිය ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාව අවසන් මහ තර​ඟය​ට
Next Article ඩුබායි මහ නගර සභාව ස්මාර්ට් ගනුදෙනු වල 19% ක වර්ධනයක්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.