එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාජ උත්ස​ව සඳහා වට්ටම් සහිත “ප්‍රවේශපත්‍ර” මිලදී ගැනීමට වැසියන් පොළඹවන සමාජ මාධ්‍යවල වංචනික දැන්වීම්වලට එරෙහිව අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

X වෙත නිවේදනයක් නිකුත් කරමින් ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලින් වීඩියෝ ක්ලිප් හරහා දෙපාර්තමේන්තුව, නොමඟ යවනසුලු වෙළඳ දැන්වීම්වල අන්තරාය පෙන්වා දුන්නේය.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උත්සව සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කරන සමාජ මාධ්‍ය දැන්වීම් පිළිබඳව විමසිලිමත් වන්න. වංචාකරුවන් අඩු මිලට ප්‍රවේශපත්‍ර ලබා දෙන අතර විකුණුම් ගණනාවක් සිදු කිරීමෙන් පසු මෙම වෙළඳුන් අතුරුදහන් වේ! මෙවැනි දීමනා මගින් නොමඟ යැවීමෙන් පරිස්සම් වන්න. ඔබේ පුද්ගලික හෝ බැංකු තොරතුරු මුදා හැරීමෙන් වළකින්න,” එහි සඳහන් වේ.

අබුඩාබි අධිකරණ දෙපාර්තමේන්තුවේ මෙ​ම නිවේදනයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විශ්වාසනීය වෙබ් අඩවි වලින් පමණක් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා ලෙසයි. වින්දිතයින්ට තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා නිල නාලිකා භාවිතා කිරීමට ද ප්‍රකාශය මග පෙන්වයි. “ඔබ වංචාවකට ගොදුරු වුවහොත් වහාම 8002626 අංකයෙන් නිසි බලධාරීන් වෙත යොමු කරන්න.”

Share.

Comments are closed.