ශ්‍රී ලංකා – කොරියානු හවුල්කාරිත්වය ශක්තිමත් කරමින් Hyundai Heavy Industries ශ්‍රී ලංකාව තුල නවීනතම නෞකා තැනීමේ පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට, එම ආයතනය කොරියාවේ සංචාරක නිරත කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

මෙම මධ්‍යස්ථානය වෙල්ඩර්, විදුලි කාර්මිකයන්, පින්තාරු කරන්නන් සහ තවත් අංශ රැසකට අදාල පුහුණු කිරීම් කරනු ඇත. එහිදී නවක සහ පළපුරුදු වෘත්තිකයන්ට ගැලපෙන පරිදි මොඩියුල සකස් කර ඇති අතර එමගින් නෞකා ඉදිකිරීමේ කර්මාන්තයේ ඔස්සෙ විශිෂ්ටතා දැක්වීම සඳහා අවස්ථාව සලසා දෙනු ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය කොරියානු සංචාරය අතරතුරදී Hyundai Heavy Industries හීජ්‍යෙෂ්ඨ විධායක උප සභාපති සහ ප්‍රධානී Song-hoon Nam මහතා සමඟ පැවති හමුව අතරතුරදී මේ බව අනාවරණය විය. මේ අතර විදේශීය සේවකයින් ඒකාබද්ධ කිරීමේ පියවරක් ලෙස මෙහිදී කොරියානු නීති, සංස්කෘතිය සහ ජීවන තත්වයන් පිළිබඳ පුළුල් දැණුමක් ලබා දීමට අපේක්ෂිතය.

Share.

Comments are closed.