සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ඊ​යේ පැවැති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර් තා කිරීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 41.2 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාද සමග පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු නොලබා දැවීයෑම හේතුවෙන් ඕවර 2 ක් අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 2 කට කඩුලු 3 ක් ලෙස සටහන් විය. කෙසේ වුවත් එම අවස්ථාවේදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ විරාට් කෝලි (85) සහ ලෝකේෂ් රාහුල් (නොදැවී 97) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 215 කදී ලකුණු 165 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර යන තෙක්ම කඩුල්ලේ රැදී සිටි රාහුල් පන්දු 15 කට මුහුණදෙමින් ලබාගත් අර්ධ ශතක හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සැරසුවේය. කෙසේ වුවත් අවාසනාවකට මෙන් ඔහු සිය 7 වැනි එක්දින ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි විය. පන්දු 116 කදී වාර් තා වූ කෝලිගේ 66 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාවට රවින්ද්‍ර ජදේජා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 40.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 199 ක් පමණි. එහිදී නිලකුණු ඕවර 2 ක්ද සමග ඕවර 10 ක් යැවූ ජදේජා ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පීඩනයට පත් කළේය.

ආරම්භක පිතිකරු මිචෙල් මාෂ් ලකුණු නොලබා දැවී ගිය නමුත් ඩේවිඩ් වෝනර් පන්දු 52 කදී හයේ පහර 6 ක් සමග ලකුණු 41 ක්ද, ස්ටීවන් ස්මිත් පන්දු 71 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 46 ක්ද රැස්කරමින් ඕස්ට්‍රේලියාවට සාර් ථක ආරම්භයක් ලබාදුන්හ. එහෙත් මැද පෙළ පිතිකරුවන් අසාර් ථක වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට නොහැකි විය.

ඕස්ට්‍රේලියාව – ඕවර 49.3 කදී කඩුලු 10 ක් දැවී 199

(ඩේවිඩ් වෝනර් 41, ස්ටීවන් ස්මිත් 46, මානස් ලැබුෂේන් 27, මිචෙල් ස්ටාක් 28, රවින්ද්‍ර ජදේජා 28/3, ජස්ප්‍රීට් බුම්රා 35/2, කුල්දීප් යාදව් 42/2)

ඉන්දියාව – ඕවර 41.2 කදී කඩුලු 4 ක් දැවී 201

(විරාට් කෝලි 85, ලෝකේෂ් රාහුල් නොදැවී 97, ජොෂ් හෙසල්වුඩ් 38/3)

Share.

Comments are closed.