ඩුබායිහි ඉතාම කාර්යබහුලම සහ වඩාත්ම සම්බන්ධිත මාර්ගයක් වන ෂෙයික් සයිඩ් මාර්ගය නොවැම්බර් මාසයේදී දින දෙකක් වසා දැමීමට නියමිතය. ෂෙයික් සයිඩ් පාර වසා තැබෙන දින ප්‍රකාශයට පත්කොට ඇතත් වසා තැබෙන්නේ කුමන වේලාවන් තුලද යන්න තවම නිවේදනය කොට නැත. මාර්ගය වසා තැබෙන දින ලෙස නොවැම්බර් 12 ඉරිදා ස​හ නොවැම්බර් 26 බ්‍රහස්පතින්දා ලෙ​ස ප්‍රකාශයට පත්කොට ඇත.

ෂෙයික් සයිඩ් පාර වසා තැබෙන දිනය 1 – නොවැම්බර් 12 ඉරිදා

නොවැම්බර් 12 වන ඉරිදා, Dubai Fitness Challenge ඩුබායි සවාරිය වෙනුවෙන් මෙම මාර්ගය වසා තැබෙනු ඇ​ත – මෙය සියලු කුසලතා මට්ටම්වල පාපැදිකරුවන් සඳහා නිර්මාණය කො​ට ඇති ප්‍රීතිමත් ඉසව්​වකි. ඔබ පාපැදි ධාවන ශූරයෙකු හෝ ආධුනි​කයෙකු වුව​ද විනෝදය සොයන්නෙක් නම්, නගරයේ කාර්යබහුලම මංසන්ධි පසුකර ​යමින් ත්‍රාසය වැළඳගත් මොහොතක් අත්විඳීමේ අවස්ථාව උදාකරගත හැක. පෙ​ර වසරවල ඩුබායි සවාරියේ අත්දැකීම් මත පදනම්ව සියලුම පාපැදිකරුවන් පැය 5 ක් පමණ කාලයක් ෂෙයික් සයීඩ් පාර දිගේ ධාවනය කරනු ඇත.

ෂෙයික් සයිඩ් මාර්ගය වසා තැබෙන දිනය 2 – නොවැම්බර් 26 බ්‍රහස්පතින්දා

නොවැම්බර් 26 වන බ්‍රහස්පතින්දා ඩුබායි ධාවන තර​ග​යේ ධාවකයන් විසින් ෂෙයික් සයීඩ් මාර්ගය අත්පත් කර ගනු ඇ​ත. මෙම ඉසව්ව සඳහා වෘත්තිකයන් සහ ආධුනිකයන් එක හා සමානව ෂෙයික් සයීඩ් මාර්ගය ඔස්සේ දිවයමින් මෙම ඉසව්ව වර්ණවත් කරනු ඇ​ත.

ෂෙයික් සයිඩ් පාර වසා තැබෙන්නේ කුමන වේලාවන් තුලද යන්න සහ වැඩි විස්ත​ර ඉදිරිය්දී ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) හෙළි කිරීමට නියමිත​ය.

Share.

Comments are closed.