ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) එළඹෙන 2023-2024 සමය වෙනුවෙන් ග්ලෝබල් විලේජ් හි සංචාරකයින්​ට සේවය සැලසී​ම සඳහා බස් මාර් ග හතරක ක්‍රියාකාරිත්වය නැවත ආරම්භ කිරීමට සූදානම් වන බව නිවේදනය කොට තිබෙනවා. ඔක්තොම්බර් 18 බදාදා Global Villageහි වැඩකටයුතු ආරම්භයට සමගාමීව නැවත එම සේවාවන් ආරම්භ කෙරෙනු ඇ​ත.

RTA හි පොදු ප්‍රවාහන නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් බහරෝසියන් පැවසුවේ “ග්ලෝබල් විලේජ් හි නව වාරය ආරම්භ වන විට බස් මාර් ග නැවත ක්‍රියාත්මක වනු ඇති බවයි.

“RTA විසින් Global Village වෙත සහ ඉන් පිටතට පැමිණෙන සංචාරකයින්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහා කැපවූ බස් මාර්ග හතරක් දියත් කරයි.”

නැවත ධාවනය ආරම්භ කරන බස් මාර්ග හතර වන්නේ:

මාර්ග අංක 102: Rashdiya බස් නැවතුම්පොළේ සිට Global Village දක්වා විනාඩි 60 කට වරක්.

මාර්ග අංක 103: Al Ittihad බස් නැවතුම්පොළේ සිට Global Village දක්වා සෑම විනාඩි 40 කට වරක්.

මාර්ග අංක 104: Al Ghubaiba බස් නැවතුම්පොළේ සිට Global Village දක්වා සෑම විනාඩි 60 කට වරක්.

මාර්ග අංක 106: එමිරේට්ස් බස් නැවතුම්පළේ සිට Global Village දක්වා විනාඩි 60 කට වරක් සේවාව ක්‍රියාත්මක වේ.

Global Village වෙත එක් සංචාරයක ගාස්තුව ඩිරාම් 10 කි.

මෙම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා RTA විසින් අති සුඛෝපභෝගී බස් රථ යොදවනු ඇති අතර මෙම බස් රථ, සුවපහසුව සහ ඉහළ ආරක්ෂිත විශේෂාංගයන්ගෙන් සමන්විත වේ.

මීට සමගාමීව ඩුබායි හි RTA විසින් Global Village සංචාරකයින් සඳහා සමුද්‍ර ප්‍රවාහන මාධ්‍යයක් වන විදුලි අබ්‍රා සේවාව​ද නැවත ආරම්භ කරනු ඇත.

බහරෝසියන් පැවසුවේ: “RTA විසින් 2023-2024 සමය සඳහා Global Village හි විදුලි අබ්‍රා යාත්‍රා දෙකක් යෙදවීම මගින් අබ්‍රා සේවාව නැවත ආරම්භ කරනු ඇත”.

මෙම මුලපිරීම් සඳහා පෙර අවස්ථාවලදී මහජනතාවගෙන් ​ඉහ​ල ප්‍රතිචාරයක් ලැබූ අතර Global Village හි සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට එය මහත් පිටුවහලක් ​වෙයි.

Share.

Comments are closed.