Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ශ්‍රි ලාංකිකයින්ට ජපන් රැකියා අවස්ථා වැඩි කරගැනීම​ට ගිවිසුම්ගතවෙයි
Foreign Employment

ශ්‍රි ලාංකිකයින්ට ජපන් රැකියා අවස්ථා වැඩි කරගැනීම​ට ගිවිසුම්ගතවෙයි

රැකියා සඳහා අයදුම් කරන්නැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි
Stanly KularathnaBy Stanly KularathnaOctober 12, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අවබෝධතා ගිවිසුමකට එළැඹෙන ලදී.

ඊට අදාළ ගිවිසුමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා සහ IM Japan ආයතනය වෙනුයෙන් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක Masnobu Komiya මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පසුගියදා අත්සන් තබන ලදි.

මෙමගින් සාත්තු සේවා, ආහාර සැකසුම් හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවලට අදාල විශේෂ නිපුණතා සහිත (SSW) ශ්‍රි ලාංකික තරුණයින් හට ජපානයේ රැකියා අවස්ථා හිමිවන අතර, තෝරාගන්නා ලද ශ්‍රමිකයින්ට වසර 5ක සේවා ගිවිසුම් කාලයක් හිමිවේ. 

එම අවස්ථාවේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා IM Japan ආයතනයේ නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී SSW යටතේ බ​ඳවා ගැනීම් සදහා වන විභාග ක්‍රමය සර​ළ කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ඊට යහපත් ප්‍රතිචාර දැක්වූ IM ජපන් නියෝජිතයින් ඒ සඳහා අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීමට එක​ඟ විය. එසේම ජපන් රැකියා ඉලක්ක කර ගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර, ඊටද නියෝජිත පිරිසෙන් යහපත් ප්‍රතිචාර හිමිවිය.

කාර්යාංශය හා IM Japan ආයතනය මීට පෙර තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානයේ රැකියා පුහුණුව සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට අවබෝධතා ගිවිසුමකට එළැඹි අතර, එම වැඩසටහන යටතේ සාත්තු සේවා හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රවලට අදාළව ශ්‍රි ලාංකිකයින් 415 දෙනෙකු ජපානය වෙත රැකියා සඳහා යොමුකොට තිබේ.

මේ අතර, ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සාර්ථකව අවසන් කර දිවයිනට පැමිණි ශ්‍රි ලාංකිකයින් සිව් දෙනෙකු වෙත ඉතිරිකිරීමේ දිරි දීමනාවක් වශයෙන් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකරන ලදි. ජපානයේ සාත්තු සේවිකාවන් වශයෙන් වසර 5ක පුහුණුව සාර්ථකව අවසන් කර දිවයිනට පැමිණි තරුණියන් තිදෙනෙකු වෙත යෙන් ලක්ෂ 10 (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 21) බැගින්ද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර 3ක පුහුණුව අවසන් කර දිවයිනට පැමිණි තරුණයෙකු වෙත යෙන් ලක්ෂ 6ක් (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 13) ද, චෙක් පත් පිරිනමන ලදි.

ජපන් භාෂා ප්‍රවිණතා විභාගයේ සිව් වන අදියර (JLPT/JFT N4) හා විශේෂ නිපුණතාවයන්ට අදාල විභාගය (SSW Skill Test) සමත් ශ්‍රි ලාංකික තරුණ තරුණියන් සඳහා මෙම රැකියා සඳහා අයදුම් කරන මෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. ඒ සඳහා ජීව දත්ත පත්‍රිකාව හා භාෂා විභාගය, කුසලතා පරික්ෂණය සමත් සහතික පත් කාර්යාංශයේ ආසන්නතම ප්‍රාදේශීය කාර්යාලයකට හෝ mgr_rec.general@slbfe.lk යන ඊමේල් ලිපිනය වෙත යොමුකිරිමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියි.

මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් ඇතුළු කාර්යාංශයේ ඉහළ නිළධාරීන් හා IM Japan ආයතනයේ විධායක සභාපති Hitoshi Kanmori මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරෝහිත් ඉන්දියාවේ ජය ඉක්මන් කරයි
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් පරීක්ෂා කරයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.